පුවත්

කඩවත Phoenix හෝමියෝපති රෝහල දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් විවෘත වේ

Phoenix හෝමියෝපති පෙෳද්ගලික රෝහල පසුගියදා දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. ලොව පිළිගත් හෝමියෝපති වෛද්‍ය ක්‍රමය යටතේ ප්‍රතිකාර කරන මෙම Phoenix පෙෳද්ගලික රෝහල ආරම්භ කිරීම සඳහා මූලිකත්වය ගන්නා ලද්දේ හෝමියෝපති වෛද්‍ය පී. එම්. චතුර හතරසිංහ මහතාය. දේශීය වෛද්‍ය අමාත්‍යංශයෙන් ශිෂ්‍යත්වයක් ලබා ඉන්දියාවේ කල්කටා නුවර National Institute of Homeopathy වෙතින් හෝමියෝපති වෛද්‍ය උපාධිය හදාරා වසර හතරකට අධික කාලයක් පුරා ශ්‍රී ලංකා රජයේ ලියාපදිංචි හෝමියෝපති වෛද්‍යවරයෙකු ලෙස චතුර හතරසිංහ මහතා කටයුතු කරයි.

නවීන පහසුකම්වලින් සමන්විතව අංග සම්පූර්ණ ලෙස ශ්‍රී ලංකාවේ ඉදි කරන ලද ප්‍රථම හෝමියෝපති පෙෳද්ගලික රෝහල ලෙස Phoenix රෝහල හැඳින්විය හැකිය. කඩවත ඇල්දෙණිය පල්ලිය අසල පිහිටා ඇති Phoenix රෝහල වෙත පැමිණෙන රෝගීන්ට හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම හෝමියෝපති වෛද්‍ය ක්‍රමයට අදාළ මානසික ප්‍රතිකාර සහ මනෝ වෛද්‍ය උපදේශන සේවාද ලබා ගත හැකිය. ඕනෑම රෝගී තත්ත්වයක් සදහා හෝමියෝපති වෛද්‍ය ක්‍රමයට අනුව ප්‍රතිකාර කිරීම සඳහා සුදුසුකම් ලත් පළපුරුදු දක්ෂ වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලයක් Phoenix රෝහල සතුය. හෝමියෝපති වෛද්‍ය නයනකා ද අල්විස් මහත්මියද රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා Phoenix රෝහල හා සම්බන්ධ වී සීටී. දෙස් විදෙස් රෝගීන් රැසකට හෝමියෝපති වෛද්‍ය ක්‍රමයට අනුව ප්‍රතිකාර සිදු කර කීර්ති නාමයක් දිනා සිටින වෛද්‍ය පී. එම්. චතුර හතරසිංහ මහතා Phoenix රෝහල විවෘත කිරීමේ උත්සවයේදී අදහස් දක්වමින් මෙසේ පැවසීය. “වර්තමානයේදී ලොව පුරා බොහෝ රෝගීන් හෝමියෝපති වෛද්‍ය ක්‍රමය වෙත යොමු වී ප්‍රතිකාර ලබා සුව වී තිබෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළත් හෝමියෝපති වෛද්‍ය ක්‍රමය කෙරෙහි බොහෝ දෙනාගේ ඉහළ විශ්වාසයක් පවතිනවා. මෙරට හෝමියෝපති වෛද්‍ය ක්‍රමය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම රෝගීන්ට ඉක්මන් සුවය අත් කර දීමට Phoenix රෝහලට හැකියාව ඇති බව අපගේ විශ්වාසයයි. මෙම කර්තව්‍යය සාර්ථක කර ගැනීම සඳහා සහාය දුන් දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාට මම විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා.”

Related posts
පුවත්

Medicare 2026 ප්‍රදර්ශනයේදී Sands Active සිය ඖෂධ නිෂ්පාදන පරාසය ප්‍රදර්ශනය කරයි

Melwa සමූහයට අයත් Sands Active (පෞද්ගලික) සමාගම…
Read more
පුවත්

සාම්ප්‍රදායික A/L අධ්‍යාපනයට විකල්පයක් ලෙස IIHS International Foundation වැඩසටහන හඳුන්වාදෙයි

IIHS (International Institute of Health Sciences) ආයතනය IIHS International Foundation…
Read more
පුවත්

පුද්ගලික සුවසේවා නායකත්වයන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, සහ විශේෂඥයින් එකම වේදිකාවකට කැඳවූ APHNH සුවසේවා නායකත්ව සමුළුව 2026

පුද්ගලික රෝහල් හා සාත්තු සේවා සංගමය…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

close-link