පුවත්

වෛද්‍ය සචිනි අත්තනායක Entro Queen Excellence 2025 සම්මාන උළෙලේදී විශිෂ්ටතා සම්මාන ලබයි

Sayora Healthcare පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සචිනි අත්තනායක මහත්මිය Entro Queen Excellence – Leading Lady in Business 2025 සම්මාන උළෙලේදී රූපලාවණ්‍ය, සෞඛ්‍යය සහ සුවතා අංශයේ විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් වන ඇය Sayora Healthcare තුළින් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සුවිශේෂ පෙරළියක් කර ඇත. Modern Aesthetics, Natural Aesthetics, ලිංගික වෛද්‍ය ප්‍රතිකාර, ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර, ඖෂධ, රසායනාගාර සේවා, භෞත චිකිත්සක ප්‍රතිකාර, Chiropractic වැනි සේවා රැසක් එම ආයතනය සපයයි. “Sayora Healthcareහි අප විශ්වාස කරන්නේ විද්‍යාව සහ සොබා දහම එකට එකතු කිරීම තුළින් සැබෑ සුවපත්භාවය ලැබිය හැකි බවයි. හුදෙක් සුවපත් කිරීමෙන් ඔබ්බට ගොස් කායික, චිත්තවේගීය සහ ආධ්‍යාත්මික වශයෙන් සෑම කෙනෙක්ම බල ගැන්වීම අපගේ දැක්මයි.” ඇය පැවසුවාය.

ඇයගේ ව්‍යවසායකත්ව දැක්ම සාම්ප්‍රදායික දැනුම සහ නවීන වෛද්‍ය විද්‍යාව ඒකාබද්ධ කිරීම සඳහා වන කැපවීම පිළිබිඹු කරයි. ඒ තුළින් ප්‍රතිකාර සැපයීමට අමතරව ක්ෂේත්‍රය තුළ පෙරළිකාර වෙනසක් සිදු කර ඇත. එහිදී ශ්‍රී ලාංකික සෞඛ්‍ය සහ සුවතා ක්ෂේත්‍රයේ නව ප්‍රමිති සනිටුහන් කරමින් සෑම මට්ටමක්ම නියෝජනය කරන පාරිභෝගිකයන්ට සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කර තිබේ. පෞද්ගලික ජයග්‍රහණයක් නොවන මෙම සම්මානය ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ සහ ඉන් ඔබ්බට වෙනසක් සිදු කිරීමට දායක වන සෑම කාන්තාවකටම උපහාරයකි. ඒ තුළින් වඩා යහපත් අනාගතයක් උදෙසා කැප වූ නායකත්වය සහ කැපවීම අගය කෙරේ. “මෙම ජයග්‍රහණය Sayora Healthcare ආයතනයට අදාළව පමණක් නොවෙයි. සමස්ත ක්ෂේත්‍රය තුළම වෙනසක් සිදු කිරීමට මා දිරිමත් කරනවා. කාන්තාවන් එකිනෙකා සමඟ සහයෝගයෙන් කටයුතු කරන විට විශිෂ්ට දෑ සිදු වන බව එය මට සිහි ගන්වනවා.” ඇය වැඩි දුරටත් පැවසුවාය. දයාව සහ දැක්ම එකට එක් වූ විට විශිෂ්ට ජයග්‍රහණ ලැබිය හැකි බව ඇය යළි තහවුරු කර ඇත.

Related posts
පුවත්

Queen රෝහලට අයත් Golden Heart Age Care වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානය විවෘත වේ

Queen රෝහලට අයත් Golden Heart Age Care වැඩිහිටි රැකවරණ…
Read more
පුවත්

මෙඩිහෙල්ප් රෝහල හා ඉන්දියාවේ ඇපලෝ රෝහල සායනික ගිවිසුමකට අත්සන් තබයි

මෙරට ප්‍රමුඛ පෞද්ගලික රෝහල් සමූහයක්…
Read more
පුවත්සංවාද

ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ නව සභාපති සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කරයි

ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ නව සභාපති…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

close-link