වසංගත රෝග

කොරෝනා සමග අපි ජීවත්වෙමු

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොරෝනා වසංගතය හමෙුව් ලෝකයේ බලවතුන්ට දණගැසමීට සිදුවු පුවත රහසක් නොවේ . කොරොනා වසංගතයේ පළමු රැල්ල තුල දීම බටහිර රටවල් බොහොමයකට එය නසියාකාරව පාලනය කරගැනීමට නොහැකි විය . එහි අවසාන ප්‍රතිපලය වූයේ එම රටවල් වල වැඩිහිටි ජනගහනය බහතුරයක් මරණයට පතවීමය. එහෙත ඒ වන විට ශ්‍රී ලංකාවට කොවිඩ් තර්ජනය ටිකෙන ටික තිබුන ද එය වැඩි වර්ධනය වීමට ඉඩ නොදී සාර්ථකව පාලනය කරගැනමීට හැකවිිය. කොවිඩ් වසංගතය පාලනය කරගැනීම සදහා සෞඛ්‍ය ඇමතිනි ප්‍රමුක සෞඛ්‍ය අමාත්‍යංශයේ සියලුම නිලදාරීන් මෙනම කාර්ය මණ්ඩල සාමාජිකයන් සිය ජීවිතය පවා පරදුවට තබමින් කටයතු කළ බව රහසක නොවේ.

කොරොනා පළමු රැල්ලේ වැඩි බලපෑමක් එල්ල වුයේ මැදපෙරදිග සහ බටහිර රටවල් වලට ය. ඒ මොහොතේදී විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණිම සදහා දිගින් දිගටම කරන ලද ඉලල්ම් හමුවේ රජය වගකෙීමෙන් කටයුතු කර පළමු කොවිඩ් රැල්ලෙන් අප රටට බරපතල හානයික් සිදු නොවී ඔවුන්ව මෙරටට ගෙන්ව ගැනිමට සියලුම දෙනා වගබලාගත්හ . ඒ අනුව ගුවන්යානයන් යවමින්.් විදෙශීය ශ්‍රමිකයන් කොටස් වශයෙන් මෙරටට ගෙනවා ගැනීමට සෞඛ්‍ය ඇමතිනි ප්‍රමුක රජය කටයතු කළේය. මෙසේ ගෙන්වාගත් විදෙශීය ශ්‍රමිකයන් නිරෝදයනය කරවුයේ රජයේ වියදමින්ය. දින 14ක් පුර නිරෝදයනයෙන් පසුව ඔවන්ව සිය නිවෙස් වෙත යොමු කලේද රජයේ සම්පුර්ණ මගපෙනවී්ම මතය.

සෞඛ්‍ය අමාත්‍යංශය පම්‍රඛු රජය ගෙනගිය මෙම වැඩපිළිවෙල මගින් කොරෝනා වෛරසය සමාජගතවීම මුළුමනින්ම වැළකුනි. කොවිඩ් වෛරසයෙ පළමු රැල්ලට අප සාර්ථකව මුහුණ දුන්නේ බලවත් රාජ්‍යයන්ට ද අබියෝගයක් එක්කරමින්ය. මෙය එකසත් ජාතීන්ගේ ජ්‍යාත්‍යන්තර සන්විදනයන්ගේ ප්‍රසාදයට පත්වූ අතර ඔවහු සිය ප්‍රසාදය සෞඛ්‍ය ඇමතිනි වෙත කිපවරයක්ම පළකළේය.

එපමණක් නොව ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතළු රටල් විශාල සංඛ්‍යාවක් අපට කොරොනා මර්ධනයට අවශ්‍ය ඖෂධ හා උපකරණයන් පරිත්‍යාග ලෙස ලබාදීමට ද කටයතු කළ බව රහසක් නොවේ.

මේ අතර අගෝස්තු මුල් සතියේදී මිනවුන්ගොඩ බ්‍රැන්ඩිස්ක් ආයතනයේ සේවිකාවක් කොරොනා ආසාදිතයකු බවට හදුනාගැනීමත් සමග පී.සී.ආර්. පරීක්ශන සංඛ්‍යාව වැඩි වැඩියෙන් කිරීමට සමත් විය. මෙහි ප්‍රතිපලය වුයේ රෝගීන් සිය ගණනින් හමුවීමයි. ගම්පහ දිසත්කි්‍රක්යෙන් කොරොනා වෛරසය අනෙකතුත් දිස්ත්‍රික්කයන් කරා ව්‍යාප්ත නොවීමට වැඩසටහන් ගනනාවක්ම සෞඛ්‍ය අමාත්‍යංශය මගන් ක්‍රියාවට නංවන ලදි . මෙහිදී ආසාදිතයන් සොයා නිවෙස්වලට යාම, ආසාදිතයන්ව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා රැගෙනයාමට ගිලන් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීම, නව ආසාදිතයන් සෙවීමට පී.සී.ආර්. පරික්ෂණ සංඛ්‍යාව වැඩීකරීිම, රෝගය වලක්වාගැනීම සදහා පුද්ගලයන්ව දැනවුත් කිරීම ආදී රෝග නිවාරණය සදහා වැඩසටහන් ගණනාවක්ම දියත් කළේය.

දිවයිනේ තැනින් තැන කොරෝනා පොකුරු වාර්තා වුවද එය සමාජ ව්‍යාප්තියක් නොවන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කලේය. වසංගතය සමාජ ව්‍යාපෘත්තියක් දක්වා ගමන් නොකිරීම සදහා ගතහැකි සෑම පියවරක්ම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගන්නා ලදී. මෙහි දී ආසාදිතයන් සොයාගන්නා ප්‍රදේශවල සංචරන සීමාවන් පැන්වීම, වැඩිකිරීම්, කරනු ලබම පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරිම, පුද්ගලයන් දැනුවත් කිරීම, සෞඛ්‍ය නීතිරීති අකුරටම ක්‍රියා කිරීම වැනි නොයෙකුත් පියවර සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ගන්නා ලදි.

කොරෝන රෝග මර්දනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා ලදී. දිනකට සියයකට වඩා අඩු සංඛ්‍යාවකින් ආරම්භ කළ පී.සී.ආර් පරීක්ෂණ මේවන විට දසදහස ඉක්මවා ගොස් ඇත. එපමණක් නොව පී.සී.ආර්. පරික්ෂණ වාර්තාවක් ලැබීමට සැලකිය යුතු පැය ගණනක් වැය වන බැවින් ඉතා ඉක්මනින් වාර්තාව ලබාගත හැකි රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව ආරම්භ කළේය. ඒ මගින් ආසාදිත වූවන් ඉක්මනින් හඳුනාගෙන ඔවුන්ව ප්‍රතිකාර සඳහා යොමු කිරීමට හැකි වීමත් සහ ඔවුන්ගෙන් නව ආසාදිතයන් ඇති නොවීමටත් හේතුවක් විය.

බස්නාහිර පළාත තුළ කොරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිර ගොස් ඇති අවධියක කොළඹ නගර සීමා බලප්‍රදේශය තුල කොරෝනා වෛරසය ඉවක් බවක් නොමැතිව් පැතිරයන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු ඇඟවීය. කොළඹ නගරයේ ස්ථාන කීපයක්ම හුදකලා කරමින් සංචරණ සීමා පැනවීමට ආරක්ෂක අංශ කටයුතු කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මතය.

තවත් වසර දෙකක් පමණ යනතෙක් කොරෝනා සමග ජීවත්වීමට අපට සිදුව ඇත්තේය. මෙම වසංගතය මැඩ පැවැත්වීමට ලෝකයේ තවමත් ඖෂධයක් නිපදවා නැත. එන්නතක් ද තවමත් ඇත්තේ පර්යේෂණ මට්ටමේය. ඒ නිසාම අප හැමවිටම සෞඛ්‍ය අංශ නිකුත් කළ මාර්ගෝපදේශ පිළිපදිමින් කටයුතු කිරීමට පුරුදු පුහුණු විය. මේ වන විටත් රටේ බහුතරයක් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළීපැදීම ආරම්භ කර ඇත. එය සතුටට කරුණකි. ඒ අනුව කොරෝනා වෛරසය සමග ජීවත්වීමට අපට හැකිවනු ඇත.

Related posts
පුවත්වසංගත රෝගසංවාද

මානසික නිරෝගී බව ඉහළ නැංවීම හා ශක්තිමත්ව පවතිවාගෙන යාමට ප්‍රෝටීන සතු බලය

මනුෂ්‍ය සංහතියේ අභිවෘද්ධිය හා…
Read more
වසංගත රෝග

අසාත්මිකතාවය නිසා ඇතිවන පීනස් රෝගී තත්ත්වය Allergic Rhinitis

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යජීවන…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *