සංවාද

“සෞඛ්‍ය සේවකයාගේ සුරක්ෂාව රෝගියාගේ ද සුරක්‍ෂාවයි”

ඉන්ද්‍රානි ප්‍රනාන්දු – නියෝජ්‍ය සභාපතිනි
පුද්ගලික රෝහල් හා සාත්තු නිවාස සංගමය

රෝගියකුට කෙරෙන සත්කාරය අප සිදුකළ යුත්තේ ඔවුන් සුවපත් වේවා යි යන ප්‍රාර්ථනයත් සමඟයි. ඒ ප්‍රාර්ථනය කිරිමේ කෙනෙකුට කළ හැක්කේ එම සත්කාරය කරන්නා ද යහපත් මානසික මට්ටමක සිටින්නේ නම් පමණි. ඒ සඳහා රෝගීන්ගේ මෙන්ම සෞඛ්‍ය සේවාවේ නිරත වූවන්ගේ ආරක්ෂා වේ සිට සෑම දෙයක් ම සම්පූර්ණ කරදීම වැදගත් වේ. එය ඊට අදාළ වගකිව යුතු පාර්ශවයන්ගේ වගකීමක් මෙන් ම යුතුකමක් ද වනවා ඇත.
එලෙස සත්කාර කරන්නා පිළිබඳව මෙන්ම සත්කාර ලබන්නා පිළිබඳව ද අවධානය යොමු කරමින් මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන පස් දුන් කෝරලයේ පිහිටි පෞද්ගලික රෝහලක් පිළිබඳ අපට අසන්නට ලැබුණමු. එම රෝහලේ වත්මන් සභාපතිනි ඉන්ද්‍රානි ප්‍රනාන්දු මහත්මිය සමග එම රෝහලේ සුවිශේෂීත්වය පිළිබඳව අපි මෙසේ විමසා සිටියෙමු.

මෙම රෝහලේ ආරම්භය පිළිබඳ සඳහන් කළොත්?
1955 වර්ෂයේ දී ආරම්භ වූ මෙම රෝහල මෙරට පෞද්ගලික රෝහල් අතර පැරණිතම රෝහලක් විදියට හඳුන්වන්න පුලු‍වන්. Philip memorial nursing home මෙම රෝහලේ මුල් නාමය වුණා. එලෙස ආරම්භ වූ මෙම රෝහලේ නව නැම්මක් 1994 දී ඇති වුණා. ඒ මම මෙම ආයතනය භාර ගැනීමෙන් පසුවයි.
ඒ අනුව එදා තිබුණු රෝහල් හා එහි පහසුකම් තව තවත් දියුණු කරමින් අද වන විට මෙරට ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහලක් බවට පත් කරන්න හැකියාව ලැබුණා. අද වන විට අපි මේ රෝහල New Philip hospital ලෙස වෙනස් වෙලා තියෙනවා.

පස්දුන් කෝරළයේ ඉදිරියෙන්ම සිටින පෞද්ගලික රෝහලක් විදිහට New Philip hospital හඳුන්වන්න පුළුවන් ඊට හේතුව මොකක්ද?
1994 මම මේ ආයතනය භාරගෙන අද වෙනකන් මේ නම මෙහි නාමය ඉදිරියට ගෙන යාමට විශාල කාර්යභාරයක් කළා.
අපි ළඟට රෝගියෙක් එන්නේ අපෙන් ඉහල සේවාවක් බලාගෙන. මුදල් වියදම් කරලා අපි ළඟට එනවා නම් අපි ඔවුන්ට ඒ සේවාව ඉහළින්ම ලබාදෙන්න ඕන. අපි ලෙඩ ගැන හිතලා තමයි හැමදේම කරන්න ඕන. ඇත්තටම ඒක අපේ හදවතට දැනෙන්න ඕන දෙයක්. ආයතනයක් විදිහට මම මේක අපේ පහළම සේවකයාගේ සිට ඉහළම වෛද්‍යවරයා දක්වා සියලු‍ දෙනාගෙන්ම අපේක්ෂා කරනවා. ඒ වගේම අපි ඒ වෙනුවෙන් කැපවෙලා ඉන්නවා. අපි ගන්න ගාන ගණනට වඩා දහ ගුණයක් ඔවුන් වෙනුවෙන් කටයුතු කරන්න ඕනේ. ඒක තමයි අපේ නාමය පස් දුන් කෝරළ පුරා පැතිරෙන්න හේතු වූ පළමු කාරණය. ඒ වගේ ම තමයි රෝහලක් විදිහට තියෙන්න ඕන සියලු පහසුකම් අප සතුව තියෙනවා. පැය 24 පුරාම දිවෙන සේවාවන් හා විශේෂඥ වෛද්‍ය සේවාවන් නිසා අපිට ඉදිරියට එන්න හැකියාව ලැබුණා.
මේ වන විට අපි කළුතර දිස්ත්‍රිකයේ ප්‍රදේශ කිහිපයක් පුරා විහිදී ගොස් සිටිනවා. අපේ ශාඛා එහෙමත් නැත්නම් channeling center කිහිපයක් මෙන්ම රසායනාගාර පහසුකම් ද මේ වන විට ආරම්භ කරලා තියෙනවා. මෙම ශාඛා ව්‍යාප්ත කරලා තියෙන්නේ දුෂ්කර ප්‍රදේශවල මේක අපි සේවාවක් විදියට තමයි කරගෙන යන්නේ. ඉතින් මෙවැනි කාරණා නිසා අපිට පෞද්ගලික රෝහල් අතරින් ඉදිරියට එන්න අවස්ථාව ලැබිලා තියෙනවා.

මෙහි සේවයේ නිරත වෛද්‍යවරුන් පිළිබඳ හැඳින්වීමක් කළොත්?
ඇත්තටම රෝහලක් වුණහම සියලු‍ම රෝගයන්ට ප්‍රතිකාර ලබාදිය හැකි විය යුතුයි. කුමන හෝ රෝගියෙක් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අප වෙත එන්නේ අප කෙරෙහි තිබෙන විශ්වාසයන්. ඉතින් අපි ඔවුන්ට උපරිම ලෙස අපගේ සේවය ලබාදීම සඳහා කටයුතු කරනවා. ඒ වෙනුවෙන් ම කැප වූ විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමක් අප ආයතනය සේවයේ නිරත වෙනවා. ඔවුන් ඉතා ඉහළ පලපුරුද්දක් සහිත කණ්ඩායමක්. මම හිතන්නේ මෙපමණ කාලයක් තිස්සේ ඔවුන් ඉතා ඉහල සේවාවක් ලබාදෙමින් දැයේ සෞඛ්‍යය ගොඩනගන්න අපිත් එක්ක අත්වැල් බැඳගෙන සිටිනවා ඒක අපේ ලොකු ජයග්‍රහණයක්.
ඒ වගේම අපේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයත් ඉතා පළපුරුදු හා ප්‍රවීනයන්. මේ නිසා රෝගීන් වෙනුවෙන් ඉහළ සේවාවක් ලබා දීමට අපට හැකි වෙලා තියෙනවා.

ඔබ රෝගීන් පිළිබඳව බොහෝ හිතනවා. ඒ වෙනුවෙන් ඔබ අනුගමනය කරන විශේෂ ක්‍රමවේද තිබෙනවා ද?
මෙම රෝහලේ ප්‍රතිකාර සඳහා යොදා ගන්නා කුඩා උපකරණවල සිට සෑම ඖෂධයක්ම ඉතා ඉහල ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන තමයි මිලදී ගන්නේ. රෝගීන් අපි වෙත එන්නේ ඔවුන්ගේ රෝගයට සුවපත් කරගන්නයි. අපි කෙරෙහි ලොකු විශ්වාසයක් තබාගෙන. එසේනම් අපි ඔවුන්ට ඉහළ සේවාවක් ලබාදීම ඉතා වැදගත්. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිෂ්පාදන අපට විවිධ මාදිලිවලින් මිලදී ගැනීමට හැකියාව තිබෙනවා. නමුත් අපේ පැවැත්ම ගැන හිතලා ප්‍රමිතියෙන් අඩු නිෂ්පාදන කිසිම වෙලාවක දී අපේ රෝහල් පරිශ්‍රයට අපි ගෙන එන්නේ නැහැ. මම හිතන්නේ අපි ඉහල සේවාවක් ලබාදුන්නොත් තමයි ආයෙත් කෙනෙක් අප වෙත එන්නේ. ඒ වගේම අප ගැන කතා කරන්නේ. ඒ නිසා අප හැම වෙලාවේම ඉහළ ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන මිලදී ගන්න කටයුතු කරනවා.

රෝගීන්ගේ සුවපත් භාවය ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ සේවකයන්ගේ ආරක්ෂාවට මුල් තැනක් ලබාදීමෙන්. ඔබේ ආයතනයේ සෞඛ්‍ය සේවක ප්‍රජාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඔබ කටයුතු කරන්නේ කෙසේ ද?
වැදගත් ප්‍රශ්නයක් ඔබ ඇහුවේ. රෝගියාගේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම රැඳිලා තියෙන්නේ සෞඛ්‍ය සේවකයාගේ අතේ. රෝගියාගේ රෝගීභාවය සුවපත් කර ඔවුන්ගේ දුක් වේදනාවන් සමනය කර ජීවිත බේරාගැනීම සඳහා සෞඛ්‍ය සේවකයා ඉටුකරන්නේ වැදගත් කාර්යභාරයක්. කිසියම් රෝහලක් හෝ සායනයක සිටින සෞඛ්‍ය සේවකයන් ආරක්ෂා කරගත්තොත් තමයි රෝගීන් ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ. මෙහිදී සෞඛ්‍ය සේවය සුරක්ෂිත ‍ප්‍රතිපත්ති, සෞඛ්‍ය සේවක ආරක්ෂිත සේවා කොන්දේසි, ඔවුන්ට අවශ්‍ය පුහුණුව, වැටුප් වගේම ඔවුන්ට ලැබිය යුතු නිසි ගෞරවය ද ලබාදීම ඉතාමත් වැදගත් වෙනවා.
අද අපි අත්විඳින කොවිඩ්-19 වෛරසය දිහා බැලු‍වහම සෞඛ්‍ය සේවකයින් කොපමණ ජීවිත අවදානමක් අරගෙන ද රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කරන්නේ කියලා අපට පැහැදිලි වෙනවා. ඔවුන් ආරක්ෂා වුණොත් තමයි රෝගීන් ආරක්ෂා වෙන්නේ.
සෞඛ්‍ය ආයතනයක් විදිහට මම අපේ පහළ මට්ටමේ සිටින සේවකයාගේ සිට ඉහල මට්ටමේ වෛද්‍යවරයා දක්වා වූ සියලු‍ දෙනා පිළිබඳව ම විශේෂ අවධානයක් යොමු කරනවා. ඔවුන්ට සිය සේවා කටයුතු පහසුවෙන් කරගෙන යන්න අවශ්‍ය වටපිටාව මම නිර්මාණය කරලා තියෙනවා. ඔවුන්ගෙන් හොඳ සේවයක් වෙන්න නම් ඔවුන් හොඳ මානසික මට්ටමකින් ඉන්න ඕන. ඒ වටපිටාව මම මගේ රෝහල් පරිශ්‍රය තුළ නිර්මාණය කරලා තියෙනවා. කාර්යක්ෂම සේවාවක් ලබාගැනීමට ඒක හේතුවක් වෙනවා. මෙහිදී සේවකයාගේ සෞඛ්‍ය ආරක්ෂිත බව ආරක්ෂා කරගැනීම ඉතා වැදගත්ම කාරණයක්. ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු‍ පහසුකම් රෝහල් පරිශ්‍රය තුළ සකස් කරලා තියෙනවා. ඒ විතරක් නොවෙයි APHNH හි සාමාජිකත්වය දරන සියලුම සුව සේවා ආයතන ඔවුන්ගේ සෞඛ්‍ය සේවකයින් සුරක්ෂිත කරන අතරම රෝගීන්ගේ ආරක්ෂාව හා නිරෝගී බව රැකගැනීම සඳහා විශේෂයෙන් කැපවෙනවා.
ඔවුන්ට මානසික සෞඛ්‍ය හා මානසික යහපැවැත්ම දියුණු කිරීම සඳහා වැඩ කරන වේලාවන් විවේකය වගේම සැහැල්ලු‍වෙන් කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය සකස් කර දී තිබෙනවා.
මගේ ආයතනයේ සියලු‍ සේවකයින් ඔවුන්ගේ නිසි සෞඛ්‍යාරක්ෂිත බව ආරක්ෂා කරගනිමින් කටයුතු කරනවා වගේම රෝගීන්ගේ ආරක්ෂාව නිරෝගී බව රැකගැනීම සඳහා විශේෂ දායකත්වයක් ලබාදෙනවා. එමෙන් ම ඔවුන්ගේ සේවය ඉතා ඉහළින් ලබාදීමට කටයුතු කරනවා.

මෙම රෝහල අද මේ සිටින තැනට ගෙන එන්න සුවිශේෂී කාර්යභාරයක් කළේ ඔබතුමිය බව අසන්නට ලැබුනා. ඒ පිළිබඳව කෙටි හැඳින්වීමක් කළොත්?
ඇත්තටම 1955 දී Philip memorial nursing home යනුවෙන් මේ රෝහල ආරම්භ කළ මගේ සැමියාගේ පියා වන වෛද්‍ය ලියෝ ප්‍රනාන්දු මහතාට මම මේ අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරනවා. නමුත් එතුමා මිය යාමෙන් පසු රෝහලේ කටයුතු යම් පසුබෑමකට ලක් වුණා- පසුව කාලීන වෙනස්කම් සමඟ Philip memorial nursing home, new Philip රෝහල නමින් වෙනසකට ලක් වුණේ 1994 දී රෝහලේ පරිපාලන කටයුතු මා විසින් භාරගැනීමෙන් පසුවයි- ඒ ඉන්න අතරතුරදී රෝහල නවීකරණය සඳහා බැංකු ණය ගැනීම පිළිබඳව නම් පවුලේ අයගේ වැඩි කැමැත්තක් තිබුණේ නෑ. නමුත් මට ඕන වුනේ කොහොම හරි මේ රෝහල උසස් තත්වයකට ගේන්න. ඒ වන විටත් මම කුඩා දරුවන් දෙදෙනෙකුගේ මවක් වුවත් දරුවන්ගේ කටයුතුත් කරන අතරතුර රෝහල අද මේ තියෙන තත්වයට ගෙන ඒමට මම මගේ උපරිමයෙන් කටයුතු කළා.
මුලදී ඒ සඳහා අවශ්‍ය මූල්‍යමය හා සියලු‍ පහසුකම් අපට තිබුණේ නැහැ. ඒක ලොකු අභියෝගයක් වුණා. නමුත් ඒ අභියෝගයට මම මුහුණ දුන්නා. බැංකු ණය මුදලක් ලබා ගත්තා. ඒවත් ගෙවන ගමන් බොහෝ අභියෝග මැද අද මට මේ රෝහල මේ තත්ත්වයට ගෙන එන්න හැකියාව ලැබුණා. ඇත්තටම ඒ වෙනුවෙන් මට රුකුලක් වූ මගේ සැමියා වෛද්‍ය ක්‍රිස්ටෝ ප්‍රනාන්දු මහතා ඇතුළු පවුලේ සියලු‍ දෙනාටමත් මගේ ආයතනයේ සේවක මණ්ඩලයටත් උදව් උපකාර කළ සියලු‍ දෙනාට වගේම මෙහි මුල් නිර්මාතෘවරුන්ටත් මගේ හෘදයාංගම ස්තූතිය පිරිනමනවා.

-කළනි මනෝජා

Related posts
සංවාද

සුදු වෙන එක නෙමෙයි ලස්සන කියන්නේ

ආයුර්වේද වෛද්‍ය සචිනි…
Read more
පුවත්සංවාද

TVP-Lanka soy

Gynaecomastia යනු නව යොවුන් වියේ පිරිමි…
Read more
මානසික රෝගරෝගසංවාද

ප‍්‍රජනක පද්ධතියට සම්බන්ධ TVP හි පොදු මිථ්‍යාවන්

TVP යනු කුමක්ද? සෝයා යනු සෝයා බෝංචි…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published.