පුවත්

වසංගතයෙන් පසු අනාගතය; ඖෂධ ක්ෂේත‍්‍රයේ රැකියා කාර්යයන් ක‍්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී

ඖෂධ ක්ෂේත‍්‍රයේ මෙහෙයුම් කටයුතුවල සිදුවන වෙනස්කම් පිළිබඳව ඖෂධ සමාගම් දැඩි අවධානයෙන් සිටින අතර නව නීතිරීතිවලට වඩාත් හොඳින් හැඩගැසීම සඳහා සිය ඖෂධ නියෝජිතයින්ගේ භූමිකාව පිළිබඳව නැවතත් සිතා බැලීමට කොවිඞ්-19 වසංගතය මගින් ඇති කරන ලද තත්වයන් විසින් ඖෂධ සමාගම් පොළඹවා ඇත.

ශ්‍රී ලංකාව තුළ දැනට ඖෂධ නියෝජිතයින් 3500කට අධික සංඛ්‍යාවක් සිටින අතර සෞඛ්‍ය වෘත්තිකයින්ට ඖෂධ නිෂ්පාදන පිළිබඳව දැනුවත් කිරීම ප‍්‍රවර්ධනය කරමින් ඔවුන් මේ වන විට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබයි. ඔවුන් නව ඖෂධ නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දීමේ ප‍්‍රධාන මැදිහත්කරුවන් ලෙස සේවය කරයි.

කොවිඞ්-19 පැතිරීම අඩු වීමේ ප‍්‍රවණතාවක් පෙනෙන්නට නොමැති වීමත් සමඟ මේ වසරේ පනවන ලද සංචරණ සීමා හා හුදකලා කිරීම් හේතුවෙන් පැවති පැරණි අලෙවි ආකෘතිය ඉවත් වී ඇති බවත් අලෙවි බලකායට ඊට අනුව හැඩගැසිය යුතු බවත් පැහැදිලිව පෙනෙන්නට තිබේ.

Online තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වීම නව සාමාන්‍යකරණය බවට පත් වනු ඇත

දේශීය හා ගෝලීය වශයෙන් ඖෂධ සමාගම් මුහුණ දෙන පොදු අභියෝගයක් වන්නේ සෞඛ්‍ය වෘත්තිකයින් හා මුහුණට මුහුණ (භෞතිකව) හමු වීම සීමා කර තිබීමයි.

සන්ෂයින් හෙල්ත්කෙයාර් හි ප‍්‍රධාන විධායක නිලධාරී, ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ, එක් දිනක් තුළ භෞතික සබඳතා වෙනුවට මාර්ගගත (online) සබඳතා සමඟින් ඩිජිටල්කරණය පිළිගත් බොහෝ සමාගම් අතර සිය සමාගම ද පසුවන බවයි.

‘‘සෞඛ්‍ය සේවා ආයතන සමඟ සමීපව කටයුතු කිරීම සම්බන්ධයෙන් සීමා පැනවීම ඖෂධ වෙළෙඳ නියෝජිතයන් විසින් ඉටු කරනු ලබන කාර්යභාරය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා. මීට පෙර ඒ ආකාරයෙන්ම කටයුතු කිරීමේදී යම් පහසුවක් තිබුණ ද ඖෂධ ක්ෂේත‍්‍රය ඊට අනුව හැඩ ගැසීමට අවශ්‍ය බව කොවිඞ්-19 වසංගතය මගින් සනාථ කර තිබෙනවා.’’ යනුවෙන් බණ්ඩාර මහතා පැවසුවේය.

සෞඛ්‍ය වෘත්තිකයින් සමඟ සීමිත සම්බන්ධතාවක් පවත්වා ගැනීම හේතුවෙන් අලෙවියට සිදු වන ඍජු බලපෑම පිළිබඳව අදහස් දක්වමින් බණ්ඩාර මහතා සඳහන් කරන්නේ ප‍්‍රදේශ හුදකලා කිරීම නිසා ජනතාවගේ ජීවන රටාවේ වෙනසක් සිදු වෙමින් පවතින බව දක්නට ලැබුණු බවත් ඒ අනුව ඖෂධ යනු අත්‍යාවශ්‍ය සාධකයක් බව පැහැදිලි වන බවත්ය.

‘‘කොවිඞ්-19 වසංගතය මගින් බලපෑමක් සිදු වුවද වර්ධනය වෙමින් පවතින නිදන්ගත රෝග හා නියමිත මාත‍්‍රාව අනුව ඖෂධ ලබා ගැනීම යන අංශවලදී ඖෂධ අලෙවියේ අඩු වීමක් පෙන්නුම් නොකළ බව සඳහන් කීරීම වැදගත්. ඒවගේම බෝ නොවන රෝගවලට ලබා දෙන ප‍්‍රතිජීවක ඖෂධ සඳහා වන අලෙවිය අඩු වීමක් පෙන්නුම් කළ බව ද අප මෙහිදී සඳහන් කළ යුතුයි.’’

වසංගතයකින් පසු අනාගතයක් උදෙසා ඖෂධ සමාගම් නැවත යථා තත්වයට පත් විය හැක්කේ කෙසේද? කොවිඞ්-19 වසංගතයට පෙර ගෝලීය වශයෙන් පුද්ගලයින්ගෙන් 64%ක් සෞඛ්‍ය වෘත්තිකයින් සමඟ පෞද්ගලික හමුවීම් සිදු කර තිබේ. එය මේ වන විට අඩකින් පමණ අඩු වී ඇති අතර ඒ වෙනුවට ඔවුන් මාර්ගගත වේදිකාවලට යොමු වෙමින් සිටින බවක් පෙනී යයි.

‘‘ඖෂධ නියෝජිතයින්ගේ කාර්යභාරයට අයත් වන්නේ ඔවුන් සතුව පුද්ගලික දක්ෂතා තිබීම පමණක් නොව තාක්ෂණික දක්ෂතා ද පැවතීම බව අප විශ්වාස කරනවා. ඒවගේම අත්‍යවශ්‍යයෙන්ම සිදු කළ යුතු වැඩකටයුතු අඛණ්ඩව පවත්වා ගැනීම සහතික කිරීම සඳහා අවිනිශ්චිත ව්‍යාපාරික පරිසරයන්ට හැඩගැසීම හා ඒවා පිළිබඳව කල්තියා දැනගැනීමට ස්ථානෝචිත නායකත්ව කුසලතා සමඟින් ඔවුන් සන්නද්ධ වීම ද වැදගත් වෙනවා.’’ ඔහු අවධාරණය කළේය.

තවද රසායනඥයින් හා සෞඛ්‍ය වෘත්තිකයන් වැනි එනම් ඖෂධ සමාගම් නියෝජිතයින් හා වැදගත් කොටස්කරුවන් අතර වන ව්‍යාපාර-ව්‍යාපාර (B2B) අන්තර් සබඳතාවකට අවස්ථාව ලබා දෙන පද්ධතියක් නිර්මාණය කරමින් එම සබඳතාවන් ශක්තිමත් කිරීමට කටයුතු කළ හැකි බව ද බණ්ඩාර මහතා සඳහන් කළේය. මේ සඳහා සන්ෂයින් ෆාමසූටිකල්ස් සිය අලෙවි නියෝජිතයින් සමඟින් මෙම පද්ධතියට සහාය වීම සඳහා මෑතකදීි ‘I-order’ නමින් යෙදවුමක් (app) හඳුන්වා දෙනු ලැබීය.

මානව අන්තර් සබඳතා පැවැත් වීම සිදු කළ නොහැකිය

ඖෂධ අලෙවි නියෝජිතයින් 200 කට වැඩි සංඛ්‍යාවක් සේවය කරන CIC හෝල්ඩින්ග්ස් සමාගම නව සාමාන්‍යකරණයට පරිවර්තනය වීමේ කතාව ද මෙරට බොහෝ ඖෂධ සමාගම්වල තත්වයට සමානය. සමාගමේ ඖෂධ හා අලෙවි අංශයේ කලාපීය අධ්‍යක්ෂ විරාජ් මනතුංග මහතා අවධාරණය කළේ එය කාලයක් තිස්සේ වෙනස්කම්වලට ලක් වෙමින් විවිධ තත්වයන් තේරුම් ගනිමින් පැමිණි ගමනක් වූ බවත් එවැනි වෙනස්කම් සිදුවිය යුතු බවත්ය. නමුත් ගැටළුව නම් එය ඵලදායී ලෙස සිදු විය යුත්තේ කෙසේද යන්නයි.

‘‘ඖෂධ නියෝජිතයින් සිදු කරනු ලබන කාර්යභාරය ඩිජිටල් වේදිකා මගින් සිදු කරනු ලබන කාර්යභාරය සමඟ පහසුවෙන් ආදේශ කළ නොහැක්කේ එම භූමිකාව සෞඛ්‍ය පද්ධතිය තුළ ඉතා වැදගත් කොටසක් වන නිසාය. දරුණු රෝග හා නිදන්ගත රෝගී තත්වයන් යන දෙඅංශය සඳහා නවතම ඖෂධ සහ ප‍්‍රතිකාර ක‍්‍රමවේද පිළිබඳව තොරතුරු බෙදා හැරීමේදී සහ ගුණාත්මක ඖෂධ නිෂ්පාදන මගින් රෝගියා සුවපත් වන්නේ කෙසේද යන්න පිළිබඳව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබන පුද්ගලික සබඳතා වටා එය කේන්ද්‍රගතව තිබෙනවා.’’ යනුවෙන් මනතුංග මහතා පැවසුවේය.

‘‘සමාගමක් ලෙස අපගේ අභ්‍යන්තර කළමනාකරණ ක‍්‍රියාවලීන් මාර්ගගත ක‍්‍රමවේදය ඔස්සේ ඒකාබද්ධ කිරීමට අපට හැකි වුනා. එමගින් අපගේ ක‍්‍රියාවලීන්වල කාර්යක්ෂතාවය හා ඵලදායීතාවය වැඩි කළ නිසා එය අප ලබා ගත් විශාල ජයග‍්‍රහණයක්. කෙසේ වෙතත්, online වේදිකා භාවිතා කරමින් නවතම ප‍්‍රතිකාර ක‍්‍රමවේද හා නිෂ්පාදන පිළිබඳව සෞඛ්‍ය සේවා වෘත්තිකයින් දැනුවත් කිරීමේදී, අනෙක් රටවල් හා සැසඳීමේදී අපට බොහෝ දුර යා යුතුව තිබෙන අතර ශ්‍රී ලංකාව එම අංශය තවත් සංවර්ධනය කළ යුතුව ඇති බව මා විශ්වාස කරනවා.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

මිශ‍්‍ර හා වැඩි දියුණුකළ ව්‍යාපාරික ආකෘතිවල වෙනසක් ඇති කිරීම

ඖෂධ ක්ෂේත‍්‍රය යනු තරගකාරී ක්ෂේත‍්‍රයක්. මෑතකදී සිදු කළ රොයිටර් සමීක්ෂණයකින් හෙළි වූයේ සෞඛ්‍ය සේවා වෘත්තිකයින්ගේ කටයුතු කඩිනමින් ඩිජිටල්කරණය කිරීම සැලකිල්ලට ගනිමින් ඖෂධ නියෝජිතයෙකුගේ කාර්යභාරය ඩිජිටල් හා මුහුණට මුහුණට යන දෙආකාරයෙන් යුතු සංකලනයක් බවට පත් කිරීමට ඉක්මනින් නැවත සිතා බැලිය යුතු බවයි. වසංගතය අතරතුර වඩාත් ඵලදායී ලෙස කටයුතු කිරීමට හැකි මාර්ගයන් ලෙස දුරස්ථකරණය හෝ දුරකතයෙන් විස්තර ලබා ගැනීම, වෙබිනාර්, online රැස්වීම්, ඊමේල්, සිල්ලර වෙළෙඳාම ස්වයංක‍්‍රීයකරණය කිරීම සහ සැපයුම් දාම මෙහෙයුම්වල අවසන් අදියර ආදිය සමීක්ෂණයෙන් හෙළිදරව් කර ඇත.

මේ පිළිබඳව අදහස් දක්වන Baurs Life Sciences හි අධ්‍යක්ෂ ගෙහාන් සෙනෙවිරත්න මහතා ‘‘රට අඟුළුදැමීම ආරම්භයේදී මුහුණට මුහුණට අන්තර් සබඳතාවන් පවත්වා ගැනීම වැනි සාම්ප‍්‍රදායික ආකාරයෙන් මෙය සිදු කරන පුද්ගලයින්ගේ භූමිකාව නැවත අළුතින් සකස් කරන්නේ කෙසේදැයි යන්න පිළිබඳව අප විමසමින් සිටියා. ඒ අනුව වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම මෙන්ම වෛද්‍ය නිර්දේශය සහිත බෙහෙත් වට්ටෝරුවකට අනුව ඖෂධ මිලදී ගැනීම සඳහා රෝගියෙකුට ප‍්‍රතිකාර කළ හැකි එකම විසඳුම වන්නේ ඩිජිටල්කරණය වෙත යාම බව මෙහිදී පැහැදිලි වුනා.’’ යනුවෙන් පැවසුවේය.

Baurs සමාගම සිය මූලික සිද්ධාන්ත සමඟ උපරිම ලෙස භාවිතා කළ එක් මෙවලමක් වූයේ වාර්ෂිකව online සම්මන්ත‍්‍රණ පැවැත්වීම සහ සබඳතාවන් වැඩි දියුණු කරගැනීම සඳහා වෙබිනාර් පැවැත්වීමට වෛද්‍යවරුන්ව තාක්ෂණික වේදිකාවන් වෙතට යොමු කිරීමයි.

සෞඛ්‍ය වෘත්තිකයින්ට දිනකට ඖෂධ නියෝජිතයින් කිහිපදෙනෙකු හමුවීමට සීමිත කාලයක් පවතින රටකට අර්ථාන්විත හා ගුණාත්මක සබඳතාවන් ඇති කර ගැනීම යනු දැඩි තරගකාරී ක්ෂේත‍්‍රයක් තුළ අසීරු ගැටළුවකට විසඳුමක් ලබා දීම වැනිය.

ක්ෂේත‍්‍රය තුළ සිටින ඖෂධ නියෝජිතයින්ගෙන් 80% කට වෛද්‍යවරුන්ගෙන් 20%ක් හමු වීමට හැකියාව ලැබෙනවා. එය 80/20 නීතිය ලෙස ද හැඳින්වෙනවා. ඉතිං මෙමගින් අප දිගුකල් පවත්නා බලපෑමක් ඇති කරන්නේ කෙසේද? කෙටි හමුවීමකින් ඔවුන්ට ලබා ගත හැකි අවබෝධය කුමක්ද? පශ්චාත් වසංගත සමය තුළ ඩිජිටල් හා භෞතික යන දෙආකාරයෙන් යුතු හයිබි‍්‍රඞ් පද්ධතීන් සම්මතයක් බවට පත් වන බව අපට දැක ගත හැකි වනු ඇත.’’ ඔහු අවසාන වශයෙන් පැවසුවේය.

Related posts
පුවත්රෝග

වර්තන ශල්‍යකර්ම (Lasik iy Lasek) සමඟින් නැවතත් ඔබට පූර්ණ පෙනීමක්

දෘෂ්ඨි අපහසුතා වලින් පෙලූන ද බොහෝ…
Read more
පුවත්සංවාද

TVP-Lanka soy

Gynaecomastia යනු නව යොවුන් වියේ පිරිමි…
Read more
පුවත්මානසික රෝග

ඔබ තුල සිටින දරුවා (Inner Child) අවදි කරන ලෙස ලෝක ළමා දිනයේ දී සොෆ්ට්ලොජික් ලයිෆ් දෙමව්පියන්ට ඇරයුම් කරයි

2021 වසරේ ලෝක ළමා දිනය සැමරීම වෙනුවෙන්…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published.