ප්‍රජා වෛද්‍ය විශේෂඥ
ලක්මිණී මාගොඩරත්න
මිනිසාගේ මූලික අවශ්යතාවන්ගෙන් එකක් වනුයේ ආහාරය. එම ආහාර සුරක්ෂිත වන තරමට මිනිසා සුරක්ෂිතය. කොවිඩ් 19 වෛරසය පැතිරයන මෙම කාලය ආහාර සුරක්ෂිත කාලයක් ලෙස හැදින්විය හැකිය. ශරීරයේ පවතින ප්‍රතිශක්තිය මත කොරෝනා රෝගකාරක වෛරසයේ ක්‍රියාකාරිත්වය වෙනස් විය හැක. එනම් වෛරසයට ඔරොත්තු දියහැකි ප්‍රතිශක්තියක් අප ශරීරය තුළ ර
දා පවතින්නේ නම් අපට කොරෝනා රෝගයට සාර්ථකව මුහුණදිය හැකිබව වෛද්‍ය මතය වන්නේය.
අප ගන්නා ආහාරය නිසි පෝෂණයෙන් යුක්ත වන්නේ නම් පමණක් අපගේ සිරුර තුල ප්‍රතිශක්ති ගොඩනගා ගැනීමේ අපහසුවක් නොමැත.
මේ අනුව පෝෂණය හා ප්‍රතිශක්තිකරණය අතර පවතින කමක් විස්තරාත්මකව දැනගැනිම මෙවන් වකවානුවකදී ඉතාමත් කාලෝචිත වන්නේය. මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්දතිය යනු රෝගවලින් මිනිසා ආරක්ෂා කරන පද්දතියි. බාහිර පද්දතියේ පවතින වෛරස ,බැක්ටීරියා, දිලිර හා පරපෝෂිතයන් වැනි රෝගකරකවලින් අපව ආරක්ෂා කරනුයේ ප්‍රතිශක්තිකරණ පද්දතියයි. මෙය නිරන්තරයෙන්ම ක්‍රියාකාරී පද්දතියකි. උදාහරණයක් ලෙස රටක බුද්දි අංශය සතුරු ආක්‍රමණයන්ගෙන් එම රට ආරක්ෂා කරගැනීමට ක්රියාකරන්නා සේ ප්‍රතිශක්තිකරණ පද්දතියද රෝගකාරක විසබිජයන්ගෙන් අපව ආරක්ෂා කිරීමට ක්‍රියා කරනු ලැබේ. සිරුරට රෝගකාරක විසබීජයක් ඇතුළු වනේන ද නැද්ද යන වග පළිබදව සොයාබැලීමට හැමවිටම අපගේ ප්‍රතිශක්තිකරණ පද්දතිය සෙවිල්ලෙන් පසුවන්නේය. යම් හෙයකින් රෝගකාරකයක් අපේ ශරීරයට ඇතුළු වූ සැනින් අපගේ ප්‍රතිශක්තිකරණ පද්දතිය ක්ෂණයකින් ක්‍රියාත්මක වී රෝගකාරක විසබීජයට විරුද්දව සටනකිරීමට අවශ්‍ය සුදුරුදිරානු කීපයක්ම නිෂ්පාදනය කරණු ලබයි.

හරියට සතුරු හමුදවක් අපේ රට ආකම්රණය කිරීමට පැමිණෙන විට ඊට ප්රතිවිරුද්දව සටන් කිරීමට සෙබල හමදුාවන සුදානම් කරන්නා සේය. අපගේ සිරුරේ සුදුරුදිරානු සුදානම් කරන නමුත් සෙබල හමදුාවට සතුරා සමග සටන් කිරීමට අවිආයධු අවශ්‍ය වන්නා සේම සුදුරුදිරානු වලට සටන් කිරීමට හැකියාව වැඩිකිරීමේ රසායනික සංයෝගයන් පවතී. මේවා වැඩි වැඩියෙන් නිෂ්පාදනය කිරීමට සිදුවේ. ඒ අනුව මේ සදහා ශක්තිය අවශ්‍යවේ. මේවාට ශකත්යි ලබාගනුයේ ග්ලුකෝස් , ඇමයිනෝ අම්ල හෝ මේද අම්ල මගිනි. සෛල වල රසායනික ද්‍රව්‍ය වැඩියෙන් නිෂ්පාදනය කිරීමට විටමින් හා කනිජ ලවණ අවශ්‍ය වේ.
මැග්නීසියම් යන මුලද්‍රවය ද අපට අවශ්‍ය වේ. මේවා අලිපේර , කෙසෙල් හා පලා වර්ගයන් මගින් ලබාගත හැකිය.විශේෂයෙන්ම නිවිති ආහාරයට එකතු කරගැනීමෙන් මැග්නීසියම් විශාල වශයෙන් ලබාගත හැකයි. අප වැඩිදෙනා ඉවත ලන වට්ටක්කා ඇටවල මැගන්සියිම් විශාල වශයෙන් පවතී. වට්ටක්කා ඇට අව්වේ වෙලා රටකජු මෙන් කබලේ බැද ආහාරයට ගැනෙීමන් අපට අවශ්‍ය මැගන්සීයිම් ලබාගත හැකයි.