සංවාද

ගර්භණී සමයේ ප්‍රේෂර්

විශේෂඥ වෛද්‍ය
සුරංග හෙට්ටිපතිරණ
MBBS(COL), MD(OBS &GYN), MRCOG (UK)
Consultant obstetrician and gynaecologist
නවලෝක රෝහල – කොළඹ

ගර්භණී සමය කියන්නේ මවකට ඉතාමත් විශේෂිත වූ කාල පරිච්ඡේදයක්. මේ කාලය තුළ දී සෑම මවක්ම තමන් කන බොන කෑම බීම, යන එන ගමන් බිමන් වගේ දේවල් ගැන වෙනදාට වඩා අවධානයකින් කටයුතු කරනවා. මොකද කියනව නම් තමන්ගේ කුසෙහි වැඩෙන කළලය ආරක්ෂා කරගැනීම සඳහා. ඒ වගේම ගර්භනී සමය තුළ බොහෝ මවුවරු තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වනවා. ඉතින් බොහෝ මවුවරුන්ගේ අවධානය සහ දැනගැනීම සඳහා ගර්භණී සමය තුළ ඇතිවන ප්‍රේෂර් ගැන මේ ලිපියෙන් සාකච්ඡා කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

එහෙම නැත්නම් අප ඒකට කියනවා ගර්භණී සමය තුළ ඇතිවන අධිරුධිර පීඩන තත්ත්වය කියලා. ගර්භණී මවක් තම සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි ඇතිකරගන්නා සැලකිල්ල දී PIH ලෙස හඳුන්වන තත්ත්වය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම ඉතාමත් වැදගත්. මොකද ලංකාවේ මාතෘ මරණවලට මෙම තත්ත්වය බොහෝ සෙයින් බලපාන බැවිනි. එහෙත් විශේෂයෙන්ම කිව යුතුයි මෙය කලින් හඳුනාගෙන එයට නිසි ප්‍රතිකාර ලබා ගතහොත් කිසිදු කරදරයකට ලක් නොවී සිටීමට හැකියාව ඇති බව.

Pregnancy Induced Hypertention තත්ත්වය කලින් හඳුනාගැනීමට ශාරීරිකව සිදුවන වෙනස්කම් කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් ප්‍රධාන වශයෙන් සිදුවන වෙනස්කම් දෙකක් ලෙස සාමාන්‍ය ලෙස වළලුකර ඉදිමීම හා අසාමාන්‍ය ලෙස බර වැඩි වීම පෙන්වාදෙන්න පුළුවන්. ගර්භණී සමය තුළ වළලුකර ඉදිමීම සාමාන්‍ය තත්ත්වයක්. එම නිසා ගොඩක් මවුවරුන්ට මේ ගැන ඇති අවධානය ගිලිහෙනවා.මෙයට අමතරව හිසරදය, ඇස් බොඳවී පෙනීම හා උදරයේ ඉහළ කොටසේ වේදනාවක් ඇත්නම් ඔබ ඉතා ඉක්මනින් වෛද්‍යවරයකු වෙත යොමුවීම නුවණට හුරුය.

මොකද කියනවනම් ගර්භනී සමය තුළ ඇතිවන රුධිර පීඩනය ඉහළ ගොස් ගර්භ වලිප්පු තත්ත්වයට පත් වීමට හැකියාවක් ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ ඉඟි පළ කරයි. ගොඩක් මාතෘ මරණවලට හේතුව මෙම ගර්භ වලිප්පුව තත්ත්වය ලෙස ද පෙන්වාදිය හැකිය. එම නිසා මෙය තරමක් බරපතළ තත්ත්වයකි. ලංකාවේ මවුවරුන්ගෙන් 1/5කට මේ තත්ත්වය ඇති වන අතර එය ජානමය බලපෑම නිසා සිදුවේ.

සාමාන්‍යයෙන් සෑම මවක්ම දරුවකු පිළිසිදගත් දා සිට මාසයකට වතාවක් හෝ වෛද්‍යවරයකු හමුවීම අනිවාර්යයෙන්ම කළ යුතු ය. එහි දී මවක් පෙෂර් බලාගැනීම කළ යුතු ය. විශේෂයෙන් සති 30කට පසුව ඉහත සඳහන් රෝග ලක්ෂණවලින් එකක් හෝ තිබේ නම් සතියකට එක් වතාවක් හෝ දෙවතාවක් ම ප්‍රේෂර් බලාගැනීමට සෑම මවක්ම කටයුතු කළ යුතුය.

මෙම තත්ත්වයෙන් මවක් පෙළෙන බව දැනගත් වහාම වෛද්‍යවරුන් ඇය ගැන වැඩි අවධානයක් ලබාදෙයි. විශේෂයෙන්ම මෙහි දී සිදුවන්නේ රුධිර පීඩනය අඩු වීමට ඖෂධ ලබාදීමත් එම මවගේ රුධිරය හා මුත්‍රා පරීක්ෂාකර බැලිමයි. එයට අමතරව ස්කෑන් පරීක්ෂණය හරහා බබාගේ සෞඛ්‍ය තත්ත්වයත් පරික්ෂා කර බලනවා. මොකද PIH ය හරහා මවට මෙන්ම බබාට ද විවිධ සංකූලතා ඇති වන්න පුළුවන්. ගොඩක් වෙලාවට දරුවාගේ බර අඩුවීම හා රුධිර ගලනය ගැටලූ ද තවත් බොහෝ ගැටලූ ද ඇතිවීමේ සම්භාවිතාවය වැඩියි.

මෙහි දී මවකගේ පේෂර් තත්ත්වය ඉහළ ගොස් ගර්භ වලිප්පුව එහෙම නැතිනම් එක්ලම්ප්සියා තත්ත්වයට මාරු වන බව සැල වුවහොත් වෛද්‍යවරු විසින් නියමිත දිනට පෙර බබාව එළියට ගන්නවා. එය සති 30න් පසු අවස්ථාවක් නම් දරුවාට ඇතිවිය හැකි සංකූලතා අවමයි.ඒ වගේම මෙම ගර්භ වලිප්පුව තත්ත්වය ඇති වන්නේ ගර්භනී සමයේ දී පමණක් බැවින් දරු ප්‍රසුතියෙන් පසුව එය සාමාන්‍ය තත්ත්වයට පත්වේ.

ඒ කෙසේ නමුත් ගර්භ වලිප්පුව තරමක් දුරට භයානක තත්ත්වයකි. එමගින් මවුවරු මියයාමේ අවස්ථා ද බහුලය. එමනිසා ඔබත් ගර්භනී සමයේ පසුවන්නේ නම්, ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍යවරයකු හමුවිය යුතු අතර, අවම සතියකට දෙවතාවක් හෝ තමන්ගේ ප්‍රේෂර් තත්ත්වය මැන බැලීම වඩාත් සෞඛ්‍යාරක්ෂිත වේ.

Related posts
සංවාද

සුදු වෙන එක නෙමෙයි ලස්සන කියන්නේ

ආයුර්වේද වෛද්‍ය සචිනි…
Read more
පුවත්සංවාද

TVP-Lanka soy

Gynaecomastia යනු නව යොවුන් වියේ පිරිමි…
Read more
මානසික රෝගරෝගසංවාද

ප‍්‍රජනක පද්ධතියට සම්බන්ධ TVP හි පොදු මිථ්‍යාවන්

TVP යනු කුමක්ද? සෝයා යනු සෝයා බෝංචි…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published.