කායික රෝග

ශ්වසන රෝග සඳහා භෞතචිකිත්සාව

ආචාර්ය ජාලිය උඩුවැල්ල
භෞතචිකිත්සක අධිකාරී
රිජ්වේ ආර්යා

ළමා රෝහල

කාලයෙන් කාලයට මතුවන වෛරස් බැක්ටීරියාවන් වැනි විසබීජ හේතුවෙන් නොයෙකුත් වසංගත රෝගයන් පැතිර යන බව අපි දනිමු. මේ වන විට ගෝලීය වසංගතයක්ව පවතින කොරෝනා රෝගයට හේතුවක් වන කොවිඩ් වෛරසය මිනිස් ජනජීවිතයට දැඩිබලපෑම් එල්ල කරමින් පවතින්නේය. කොවිඩ් වෛරසය මිනිසාගේ ශ්වසන පද්ධතිය ආසාදනයට ලක්කරමින් අවසානයේ දී පෙනහලු‍ ආක්‍රමණය කරන අතර ඇතමෙකු මරණය කරා ගෙනයන්නේය. කෙසේ නමුත් කොරෝනා රෝගය ශ්වසන රෝගයකි.

ශ්වසන රෝගයන් ඇති කිරිමට වෛරස් බැක්ටීරියාවන් හැරුණු කොට තවත් බොහෝ හේතු සාධක තිබේ. නොයෙකුත් රසායනික ද්‍රව්‍ය, විෂවායු, දුහුවිලි, මල්වල පරාග, නොයෙකුත් ආහාර වර්ග නිසා ඇතිවන අසාත්මිකතා නිසාත් ශ්වසන රෝග ඇතිවේ.
තව ද ශ්වසන පද්ධතියේ ඇතිවන අර්බුද සහ එයට පැමිණෙන ආගන්තුක ද්‍රව්‍ය නිසාද ශ්වසන රෝග ඇතිවිය හැක. සමහර අය නොයෙකුත් අනතුරුවලට ලක්වි එක්තැන් වී සීටින විට ද අංශභාග වැනි තත්ත්වවල දී එක්තැන් විම නිසාද ශල්‍යකර්මවලට මුහුණදී එක්තැන් වී සිටින විට ද මෙම රෝගවලට බොහෝ විට ලක්විය හැක.
බහුලව දක්නට ලැබෙන ශ්වසන රෝග කීපයක් වශයෙන් නියුමෝනියා, බ්‍රොන්කයිටිස්, බ්‍රොන්කියෝලයිටිස්, බ්‍රොන්කියෙක්ටේසිස්, හා ඇදුම වැනි තත්ත්ව පෙන්වාදිය හැක.

රෝග ලක්ෂණ
කැස්ස, හතිය, පපුවේ වේදනාව, උණ, වමනය, කෑම අරුචිය, බඩේ වේදනාව, හිසේ කැක්කුම හැඳින්විය හැක.
වෛද්‍යවරුන් මෙම රෝග විනිශ්චයකර ප්‍රතිකාර කරන අතර බොහෝ විට භෞත චිකිත්සක ප්‍රතිකාර සඳහා රෝගීන් යොමු කරයි.
භෞතචිකිත්සකයන් මෙම රෝගවල දී ප්‍රධාන වශයෙන් පොස්ටරල් ඩ්‍රනේජ් සහ හුස්ම ගැනීමේ ව්‍යායාම සිදුකරයි.
පොස්ටරල් ඩ්‍රනේජ් ක්‍රමය යනු රෝගියාගේ පෙනහැල්ලේ සෙම තිබෙන ප්‍රදේශය විවිධ ඉරියව්වල තබා ගුරුත්වාකර්ශනය උපයෝගී කරගනිමින් එම ප්‍රදේශයට අතින් තට්ටු කරමින් සෙම ඉවත් කිරීමයි.
රෝගියාව තබන ඉරියව්ව රෝගියාගේ සෙම තිබෙන ප්‍රදේශය අනුව වෙනස් වේ. එනම් අපගේ දකුණු පෙනහැල්ල ඛණ්ඩික 3ට ද වම් පෙනහැල්ල ඛණ්ඩිකා 2ට ද ‌බෙදෙන බවත් එමෙන්ම එම ඛණ්ඩිකා තව දුරටත් අනුඛණ්ඩිකාවලට ද බෙදේ. මෙම අනුඛණ්ඩිකා ආසාදනය වී ඇති අන්දම එක්ස් කිරණ පටලයකින් හඳුනාගත හැක. ඒ අනුව රෝගියා විවිධ ඉරියව්වල තබා ප්‍රතිකාර කරයි. උදාහරණයක් ලෙස රෝගියාගේ පහළ ඛණ්ඩිකාවේ සෙම තිබේ නම් රෝගියාව මුනින් අතට තබා බඩට කොට්ට තබා හිස පහත් කර පිටට තට්ටුකර සෙම ඉවත් කරනු ලබයි.
මේ දිනවල මුළු ලෝකයම වෙලා සිටින කොරෝනා වෛරසය මගින් ද ස්වසන රෝග ඇතිවේ. එහි දී සෙම ස්‍රාවයන් ඇති වී නියුමෝනියා තත්ත්ව ද ඇතිවිය හැක. මෙම රෝගීන්ට ද භෞත චිකිත්සක ප්‍රතිකාර කරනු ලබයි.
දැඩිසත්කාර ඒකකවල සිටින කොවිඩ් 19 රෝගීන්ගේ සෙම ඉවත්කිරීම සදහා භෞතචිකිත්සක ප්‍රතිකාර ලබාදේ. භෞතචිකිත්සක ප්‍රතිකාරයන්වල දී රෝගියාගේ සෙම ඉවත් කිරීමට රෝගියාගේ කැස්ස උත්තේජනය කළ යුතු බැවින් නිරන්තරයෙන්ම එහි අවදානමට ද භෞතචිකිත්සකයන් ලක්වේ.
ස්වභාව ධර්මයෙන් අපට කැස්ස ලබාදී ඇත්තේ ශ්වසන පද්ධතියට යම් දෙයක් ආ විට එය ඉවත් කිරීමට ඇතිකරන වැකුම් ක්‍රමයක් ලෙසය. බොහෝදෙනා ඉක්මනින් කැස්ස නැවැත්වීමට උත්සහ කළත් එය සෙම ස්‍රාවයන් තිබෙන විට නැවැත්වුවහොත් සෙම ඉතිරි වී වියළී නැවත ටික කලකින් ආසාදනය වේ. ඒ නිරන්තරයෙන් වායුගෝලයේ පාවෙන වෛරසයන් ශ්වසන පද්ධතියට ඇතුළු වන බැවිනි. වියළි සෙමවල ඇති ස්ථානය ලබාගෙන එම විසබීජ ව්‍යාප්ත වී නැවත වෙනත් ආසාදනයක් ඇති කරයි.
බොහෝදෙනාට ඇති ප්‍රශ්නයක් නම් කැහීමෙන් සෙම මුඛයෙන්ම ඉවත් කළ යුතු බවයි. එය අත්‍යවශ්‍ය නැත. කැස්සත් සමග බොහෝ දරුවන් සෙම ගිලදමයි. එය මළපහ සමග පිටවේ. සෙම ගිලු‍න ද නැවත පෙනහැල්ල තුලට නොයයි. ගිලින සෙම හේතුවෙන් ආමාශය පුරවා දැමීමක් ඇතිවී කෑම අරුචිය ඇතිවේ. සමහර විට වමනය ද ඇතිවේ.
හතිය ඇති අවස්ථාවල දී හුස්ම ගැනීමේ ව්‍යායාම මගින් ද රෝගියා ඉරියව් ගතකිරීමෙන් ද එය පාලනය කරගැනීමට උදව් වේ.

-ශ්‍රියානි විජේසිංහ

Related posts
කායික රෝගරෝග

ඔබේ හදවත එක්ක සෙල්ලම් කරන්න එපා!

ඔව්, එය ඇත්තටම භයානක තත්වයක්! ඔබට…
Read more
කායික රෝගමානසික රෝගරෝග

සරල පියවර, නිරන්තර පරීක්ෂාවන් මගින් තර්ජනාත්මක දියවැඩියා සංකූලතා වළක්වාගන්න

වෛද්‍ය නොයෙල් සෝමසුන්දරම් මහතා…
Read more
කායික රෝග

ඇදුම (Asthma) කියන්නේ බය වෙන්න ඕන ලෙඩක්ද?

වෛද්‍ය සචිත් හර්ෂණ බණ්ඩාරජ්‍යෙෂ්ඨ…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *