පුවත්

MediHelp රෝහල් ජාලය අතුරුගිරියට පැමිණෙයි

ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මූලික ප්‍රතිකාර සැපයීමෙහිලා පුරෝගාමී සහ විශාලතම රෝහල් ජාලය වන MediHelp hospitals සමූහය සිය 37 වසරක අභිමානය සමගින් සිය නවතම රෝහල් සංකීර්ණය අංක 175 මාලබේ පාර අතුරුගිරිය යන ලිපිනයෙහි පසුගියදා විවෘත කරන ලදි. MediHelp රෝහල් සමූහයේ සභාපති ලෙස්ලි විජේසිරිවර්ධන, ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලය සහ ආරාධිත අමුත්තන් ඇතුළුව විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. දශක තුනකට අධික කාලයක් මුළුල්ලේ බහුතර ජනතාවකට දැරිය හැකි මිලකට ගුණාත්මක තත්වයේ සෞඛ්‍ය සේවා ලබා දීමට පියවර ගත් MediHelp රෝහල් සමූහය  දැනට පවතින සමාජ හා ආර්ථික දුෂ්කරතාවයන් මධ්‍යයේ වුවද අභියෝගයන්ට මුහුණදෙමින් තවදුරටත් සිය රෝහල් ජාලය කොළඹට නුදුරු ප්‍රධාන නගර ගණනාවක් වෙත ව්‍යාප්ත කිරීමට කටයුතු කරමින් සිටින අතර එහි තවත් අදියරක් ලෙස මෙම අභිනව අතුරුගිරිය MediHelp රෝහල හඳුන්වාදිය හැක.

නවතම පහසුකම් වලින් සමන්විත බාහිර රෝගී අංශය, ඇඳන් 5 කින් සමන්විත හදිසි ප්‍රතිකාර ඒකකය, විශේෂඥ වෛද්‍ය සේවය, රසායනාගාර පහසුකම්, ෆාමසි, අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන්, Echocardiography, ඩිජිටල් X-Ray” ශල්‍යාගාර, දන්ත සායන, දෘෂ්ටි විශේෂඥ සේවා  සහ සෞඛ්‍ය පරීක්ෂණ ඇතුළුව පුළුල් සෞඛ්‍ය සේවා රැසක් අතුරුගිරිය MediHelp රෝහල මගින් ලබා දෙනු ඇත. එමෙන්ම මූලික රෝහල් සේවා පවත්වාගෙන යන සෞඛ්‍ය ආයතන අතුරින් විවිධ රෝගාබාධ සඳහා වැඩිම විශේෂඥ වෛද්‍යවරුන් පිරිසකගේ සහාය ලබා ගත හැකි එකම ස්ථානය MediHelp රෝහල් සමූහය බව අවිවාදයෙන් නම් නළ හැක.

මෙම අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ Med help රෝහල් සමූශයේ සභාපති ලෙස්ලි විජේසිරිවර්ධන මහතා “ මීට වසර 37කට පෙර කුඩා රසායනාගාරයක් ලෙස හොරණ නගරයෙන් ආරම්භ කළ ගමන අද වන විට යෝධ වනස්පතියක් බවට පත්වෙමින් ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින්ගේ විශ්වසනීය රෝහල් සන්නාමයක් බවට Med help නාමය පත්ව තිබීම පිලිබඳව මම අවංකවම සතුටුවෙනවා”යනුවෙන් පැවසීය.

අතුරුගිරිය රෝහලේ සමාරම්භක අවස්ථාවට එක් වූ MediHelp රෝහල් සමූහයේ සෞඛ්‍ය‌ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චරිත විජේසිරිවර්ධන මහතා “MediHelp රොහල් සමූහය සිය සේවා ව්‍යාප්තිය විවිධ ප්‍රදේශයන් වෙත ගෙන යන අතරම රෝගීන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් ගුණාත්මක වෛද්‍ය සේවාවක් පවත්වාගෙන යෑම සඳහා වන අපගේ කැපවීම එලෙසම පවත්වාගෙන යන බව අවධාරණය කරන්නට කැමතියි”.

 “සියලු ශ්‍රී ලාංකිකයින්ට ගුණාත්මක රෝහල් සේවාවක් වෙත ප්‍රවේශ වීම සඳහා අයිතියක් තිබෙන අතර මෙම අයිතිය පසුගිය 37 වසර පුරාම තහවුරු කරමින් ශ්‍රී ලාංකිකයින්ට ගුණාත්මක රෝහල් සේවාවක් දැරිය හැකි මිලකට ලබා දීමට අපට හැකිව තිබෙනවා. එමෙන්ම අභිනව MediHelp අතුගිරිය රෝහලේ සමාරම්භය අප ගමන්මගේ තවත් සන්ධිස්ථානයක් බව මගේ අදහසයි”.

“වේගයෙන් සංවර්ධනය වන අතුරුගිරිය නගරය කොට්ටාව හම්බන්තොට අධිවේගී මාර්ගයෙහි පිවිසුමක පිහිටි බැවින් ආර්ථිකමය අතිශය වැදගත් කමක් උසුලන අතර සියලු ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතන, සහ සෙසු පහසුකම් නගරය කෙන්ද්‍රගතව ස්ථාපිථව තිබෙනවා. එමෙන්ම විශාල ජනතාවක් මෙහි වෙසන බැවින් සහ ප්‍රශස්ත මට්ටමේ රෝහලක් අතුරුගිරිය හෝ ඒ අවට නරයන් කේන්ද්‍රගතව ක්‍රියාත්මක නොවන බැවින් එම රික්තය පිරිවීම සඳහා MediHelp රෝහල් සමූහය අතුරුගිරියට පිවිසීම හැම අතින්ම ඉතා වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකියි. එම නිසා අතුරුගිරිය හා ඒ අවට ප්‍රදේශවල වෙසන ජනතාවට කොළඹ නගරයට පිවිසීමෙන් තොරව ගුණාත්මක තත්වයේ සෞඛ්‍ය සේවාවක් වෙත ප්‍රවේශ වීමට අතුරුගිරිය MediHelp රෝහල ප්‍රශස්ත සුවසේවා නැවතුමක් බවට පත් වන බව මගේ විශ්වාසයයි” යනුවෙන් MediHelp රෝහල් සමූහයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නිශාන්ත ජයමාන්න මහතා පැවසීය.

Related posts
පුවත්

MediHelp ගල්කිස්ස රෝහල කරමින් MediHelp hospitals සිය 17වන ශාඛාව සනිටුහන් කරයි

ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ…
Read more
පුවත්

OMED Pharmaceuticals වෙතින් mesoestetic® වැඩමුළුවක්: සුවිශේෂී වෛද්‍ය උපකරණයක්ද හඳුන්වාදෙයි

OMED Pharmaceuticals (පුද්.) සමාගම ශ්‍රී ලංකාවේ…
Read more
පුවත්

ලින්ක් නැචුරල් සිය ප්‍රමුඛතම සන්නාමය වන ලින්ක් සමහන්, ජපානයේ Costco වෙළඳසැල් ජාලය වෙත

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ශාකෞෂධීය…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *