
සුසී පෙරේරා
නියෝජ්‍ය සෞඛ්‍ය වෛද්‍ය අධ්යක්ෂ ජනරාල් මහජන සෞඛ්‍ය
අද වන විට බෝවන රෝග මිනිස් සිරුර ආක්‍රමණය කරගෙන තිබෙන්නේ මිනිසාවත් නොදැනුවත්වමය. ඒ අතර අංක එකට පත්වී නිහඬ මාරයකු වී සිටින දියවැඩියා රෝගයට පාර කපාගන්නේ අපම කිව්වොත් නිවැරදියි. ඒ මොනවද කියලා මේ ලිපිය හරහා ඔබට පසක් වේවි.
දියවැඩියාව රෝගය වැළඳුණු පසු රෝගියාට කළ හැකි උපරිම දෙය නම් රෝග පාලනය විතරයි. ඒත් අපට පුළුවන් මේ රෝගය වැළඳීම වළක්වාගන්න. එය කළහැක්කේ පුංචි කාලයේ සිටමයි. එයින් ආරෙන් නැත්නම් ජාන හරහා ඇතිවන දියවැඩියා තත්ත්වය පවා ටිකක් ප්‍රමාද කරගන්න හැකියාව තියෙනවා. දියවැඩියා රෝගයෙහි තියෙන භයානක පැත්ත තමයි සිරුරේ සෑම අවයවයකටම බලපෑම් කිරීම. ඒ තුළින් ජීවිතයේ ගුණාත්මකභාවය වගේම ජීවිතය ඔබට නොදැනුවත්වම කෙටි වීමට පුළුවන්. නමුත් රෝග පාලනය කළහොත් ඔබට අවුරුදු 85ක් 90ක් ආයුෂ සුවසේ භුක්ති විඳීමට හැකියාව තියෙනවා.
මවුපියන් වූ ඔබටත් ඔබේ දරුවාගේ අනාගතය රෝගි නොවි තබාගැනීම ඔබ ෂතු වගකීමක්, යුතුකමක්
කුඩා කාලයේ ඉඳන්ම දරුවාගේ ආහාර පාන ගැන සැලකිලිමත් වීම වැදගත්. පිෂ්ටය අඩු ආහාර වේල් ප්‍රමාණය අඩුකර ඒ සඳහා වැඩිපුර එළවළු, පලතුරු, පලා වර්ග ආහාරයට ගැනීමටත් සීනි, තෙල් ආහාර පාලනය කිරීමටත් දරුවාව හුරු කළ යුතුයි.
විශේෂයෙන් දරුවාව ක්‍රියාශීලි දරුවකු ලෙස බාහිර පරිසරයට හුරු කිරීම වැදගත්. මොකද අද දරුවන්ට ද මේ රෝගය වැළඳීමේ ප්‍රවණතාවය ඉහළයි. ඔබේ පහසුවට දරුවාට කඩචෝරු හුරුකිරීම, පාන්, බනිස්, කොත්තු වැනි ආහාර ලබාදීම පමණක් නෙමේ පරිගණකයට, රූපවාහිනියට, ජංගම දුරකථනවලට දරුවාව හුරු කිරීම තුළ දරුවා ක්‍රියාශීලී වීමට අලස වෙනවා. ඒ තුළ දරුවා කෘතිම රොබෝ කෙනෙක් වගේ වෙනවා වගේම අධික ස්ථුලතාවයට ද ගොදුරු වෙනවා. ඔබ දන්නවා ද මේ අධික ස්ථුලතාවය ද දියවැඩියා රෝගය වැළඳීමේ ප්‍රධාන ලක්ෂණයක් බව.
බඩයි හිතයි පිරෙව්වොත් නම් සොරිම තමයි
සමාජ මතයක් වෙලා තියෙනවා විශේෂයෙන් අපේ රටේ මිනිස්සු හුරුවෙලා තියෙන ක්‍රමය තමයි බඩ පිරෙන්න බත් කන්න ඕනි කියන එක. ලොකු බත් පිඟානක් පුරෝගෙන එළවළු, මාළු, මස් චූටි කෑල්ලක්, පලා චුට්ටක් බෙදාගෙන කෑම රටාව තුළින් බැහැර නොවුණහොත් ඉතින් මේ ලෙඩේ ඖෂධ හරහාවත් පාලනය කරගන්න බැරි වෙනවා. මොකද අපේ සමාජය තුළ කාර්යාල ජීවිත ගතකරන ප්‍රමාණය වැඩියි. ඒ අයට මෙවැනි කෑම පිඟානකට හුරුවීම අනුවණ ක්‍රියාවක්.
බත් අඩුවෙන්, පලා අඬු කෝප්පයක්, එළවළු වැඩිපුර ගැනීම, ජලය පානය මේ රෝගය පාලනයට ගොඩක් උදව් වෙනවා. කාල හැබැයි නිකන් ඉඳලත් බෑ. හොඳින් ව්‍යායාමවලට යොමුවීම ද කළ යුතුයි. කටයි චර්යා රටාවයි වෙනස් කළහොත් දියවැඩියා රෝගය පාලනය අපහසු නැහැ.
ඔබ දන්නවද ඔබ නොදැනුවත්ව දියවැඩියාව ඔබේ සිරුරේ තිබිමට පුළුවන් බව
දැන් ශ්‍රී ලංකාවේ දියවැඩියා රෝගීන්ගේ සීනි මට්ටම වැඩියි. රෝග ලක්ෂණ හඳුනාගැනීම නොහැකි ලෙසට ඇඟ ඇතුලේ තිබිලා මතුවෙනවා. මේ රෝගයේ තියෙන භයානකත්වය ද ඒකයි.
දියවැඩියා රෝගය හඳුනාගතහැකි මූලික ලක්ෂණ ලෙස,
වැඩිපුර පිපාසය ඇතිවීම
රෑට නින්දෙන් එකපාරට නැගිට මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවය සමහර විට මෙය දෙතුන් පාරක් වැනි වාර ගණනක් වැඩිිවෙනවා. මුත්‍රා සමඟ සීනි පිටවීම හා මුත්‍රා වැඩිපුර පිටවීම නිසා පිපාසය අධිකව දැනෙනවා.
සිරුරේ ඇතිවන තෙහෙට්ටුව.
මෙහි තව තියෙන ප්‍රබලම ලක්ෂණය නම් පිරිපුන්ව ඉඳලා ඇඟ අසාමාන්‍ය ලෙස කෙට්ටු වීම. සමහරු මෙය වරදවා තේරුම් ගන්නවා ස්ථුලව හිටපු කෙනෙක් ඇඟ අඩු වීම ගැන. ඒත් ඔබ මේ සිරුර වෙනස අසාමාන්‍යභාවය හඳුනාගෙන වහා වෛද්‍ය උපදෙස් පැතීම වැදගත්.
සමහරුන්ගේ තුවාලයක් ඇතිවූනාම ඉක්මනින් සුව නොවීම.
මුත්‍රා අමාරු විදියටත් රෝග ලක්ෂණ එන්න පුළුවන්.
සමහර වෙලාවට මුත්‍රා මාර්ගය අවට කැසීම වගේම යෝනි මාර්ගය හරහා ශ්රාවයක් පිටවීම.
මේ ලක්ෂණ තමයි දියවැඩියාව සතු පොදු ලක්ෂණ. විශේෂයෙන් වෛද්‍යවරයකු හරහා ඔබේ සීනි මට්ටම පරික්ෂා කරගැනීම ඉතාම වැදගත්. විශේෂයෙන් මෙම ලක්ෂණ පහළවෙන්න කලින් හඳුනාගත හැකියි. එවිට සිරුරේ අනවශ්‍ය ස්ථුලතාවය පාලනය ද වැදගත්. කොලෙස්ටරෝල්, අධිරුධිර පීඩනය වැනි රෝග ද ඇතිවීමට පුළුවන් වගේම හෘදයාබාධ, අංශභාග තත්ව එන්නේ රෝගයෙහි අන්තිම අවධිය තුළයි.
රෝගය පාලනය ඔබ සතුයි
ඖෂධ වගේම හරියාකාර පෝෂණීය කෑම රටාව හා ක්‍රියාශීලීභාවය (ව්‍යායාම) තබාගැනීම තුළින් වගේම පවුලේ සාමාජිකයන් රෝග තත්ත්වය පාලනයට ඔවුනුත් දායක කරගැනීම තුළ මෙම රෝගය වළකාගන්නත් හැදුනත් නිසි පාලනය තුළින් ඔබට සුවබර ජීවිතයට යා හැකියි.
-මහේෂාණි මීගහපොල