පුවත්

ලංකා හොස්පිට්ල්ස් වෙතින් ‘මාපිය’ නමින් මාතෘ හා ළදරු සත්කාර සන්නාමයක් සහ සේවා එකතුවක්

ලංකා හොස්පිට්ල්ස් ‘මාපිය’ නමින් සුවිශේෂ මාතෘ සහ ළදරු සත්කාර සන්නාමයක් සහ සේවා එකතුවක් පසුගියදා නිල වශයෙන් එළිදැක්වීය. ලංකා හොස්පිට්ල්ස් කාර්ය මණ්ඩලය සහ නාරිවේද හා ප්‍රසව වෛද්‍ය විද්‍යාව පිළිබඳ මෙරට සුප්‍රසිද්ධ විශේෂඥයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ. මෙම සන්නාමය නිර්මාණය කර ඇත්තේ ලංකා හොස්පිට්ල්ස්හිදී තම බිළිඳුන් ප්‍රසූත කිරීමට බලාපොරොත්තු වන දෙමාපියන්ට පුළුල් පරාසයක අගය එකතු කළ සේවා රැසක් පිරිනැමීම සඳහාය. ‘මාපිය‘ යටතේ ලංකා හොස්පිට්ල්ස්හි ප්‍රසූත සේවා, ළමා රෝග සහ සාඵල්‍යතා මධ්‍යස්ථානවල සේවාලාභීන්ට ප්‍රතිලාභ පිරිනැමේ. ලංකා හොස්පිට්ල්ස් සතු නවීන පහසුකම්, නවීන තාක්ෂණික සේවා, නවීන ශල්‍යාගාර පහසුකම් සහ සියලුම පහසුකම් වලින් සපිරි ප්‍රසූතාගාරවලින් සැපයෙන අද්විතීය මාතෘ සහ ළදරු සත්කාර අත්දැකීමට අමතරව මාපිය සන්නාමය යටතේ ප්‍රතිලාභ ලබා ගන්නා අයට වට්ටම්, තෑගි සහ විශේෂ දීමනා රැසක් හිමි වේ. නේවාසික සහ භාහිර පිළිගත් විශේෂඥයන්ගේ සහ මාතෘ හා ළදරු රැකවරණය පිළිබඳ විශේෂයෙන් පුහුණුව ලැබූ දක්ෂ, පළපුරුදු කාර්ය මණ්ඩලයක සේවා මාතෘ සහ ළදරු රැකවරණ මධ්‍යස්ථානයෙන් පිරිනැමේ.

මේ යටතේ පිරිනමන සේවාවලට OPD චැනල් කිරීම, ගැබ් ගැනීමට පෙර සහ පසු ගර්භනී සායන, Ultrasound ස්කෑන්, සාඵල්‍යතාවට සහ වෙනත් සංකූලතාවලට ප්‍රතිකාර කිරීම සඳහා වූ සුවිශේෂ පහසුකම් ඇතුළත් වේ. මීට අමතරව, මාතෘ සහ ළදරු සුරැකුම් මධ්‍යස්ථානයේ අලුත උපන් බිළිඳුන් පිරික්සීමේ වැඩසටහන්, පෝෂණ ඇගයීම්, භෞත චිකිත්සාව, කිරි දීම කළමනාකරණය, එන්නත් සහ අලුත උපන් බිළිඳුන්ගේ ශ්‍රවණ පරීක්ෂණද සිදු කරයි. අවශ්‍ය නම් අලුත උපන් බිළිඳුන්ගේ දැඩි සත්කාර කටයුතු සඳහා නවීන සහ උසස් පහසුකම් සහිත නව ජන්ම දැඩි සත්කාර ඒකකයක්ද එක් කර තිබේ. සෞඛ්‍ය සේවා ප්‍රමිතීන් සඳහා ලොව කීර්තිමත් පිළිගැනීමක් වන Joint Commission International හි 7 වැනි සහතිකය ප්‍රථම වරට ලද සහ ලොව පිළිගත් Medical Travel Quality Alliance හි පිළිගැනීමට පාත්‍ර වූ මෙරට පළමු රෝහල ලංකා හොස්පිට්ල්ස්ය. කීර්තිමත් රසායනාගාර ප්‍රමිති ආයතනයක් වන College of American Pathologists හි පිළිගැනීම ලත් එකම ශ්‍රී ලංකා රසායනාගාරය ලංකා හොස්පිට්ල් රසායනාගාරයයි (LHD). මෙම වසරේදී LMD සහ Brand Finance විසින් ලංකා හොස්පිට්ල්ස්  ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට සහ ආදරයට පාත්‍ර වූ සෞඛ්‍ය සේවා සන්නාමය ලෙසද නම් කරන ලදී.

Related posts
පුවත්

MediHelp ගල්කිස්ස රෝහල කරමින් MediHelp hospitals සිය 17වන ශාඛාව සනිටුහන් කරයි

ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ…
Read more
පුවත්

OMED Pharmaceuticals වෙතින් mesoestetic® වැඩමුළුවක්: සුවිශේෂී වෛද්‍ය උපකරණයක්ද හඳුන්වාදෙයි

OMED Pharmaceuticals (පුද්.) සමාගම ශ්‍රී ලංකාවේ…
Read more
පුවත්

ලින්ක් නැචුරල් සිය ප්‍රමුඛතම සන්නාමය වන ලින්ක් සමහන්, ජපානයේ Costco වෙළඳසැල් ජාලය වෙත

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ශාකෞෂධීය…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *