පුවත්

හේමාස් ෆාමසූටිකල්ස් සහ ශ්‍රී ලංකා ඖෂධ සංගමය සමඟ එක්ව පවත්වන පුහුණු වැඩසටහනේ දෙවැනි කණ්ඩායම සාර්ථක ලෙස පුහුණුව නිමා කරයි

දශක හතකට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ ඖෂධ ආනයනය හා බෙදාහැරීම සම්බන්ධ ප්‍රමුඛයා වන හේමාස් ෆාමසූටිකල්ස් සමාගම විසින් පවත්වන ලද ඖෂධවේදී නිපුණතා සංවර්ධන වැඩසටහනේ දෙවන අදියර සඳහා සහතිකපත් ප්‍රදානය පසුගියදා කොළඹ ගලධාරී හෝටලයේදී සිදුකෙරිණි. ඉදිරියේදී ඖෂධවේදීන් ලෙස ලියාපදිංචි වීමට බලාපොරොත්තු වන 35 දෙනෙක් මෙම කණ්ඩායමට ඇතුළත් වූහ. ඖෂධවේදය පිළිබඳ උනන්දුවක් දක්වන්නන්ට ජාතික මට්ටමේ ලියාපදිංචිය හිමි ඖෂධවේදීන් බවට පත්වීමට අවශ්‍ය දැනුම හා පුහුණුව ලබාදීමේ අරමුණින්, ශ්‍රී ලංකා ඖෂධ සංගමය සමග අත්වැල් බැඳගෙන 2019 වසරේදී මෙම පාඨමාලාව ආරම්භ කරන ලදි.

මාස 6 ක කාලයක් පැවැත්වෙන මෙම පාඨමාලාව සාර්ථක ලෙස අවසන් කරන සිසු සිසුවියන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මගින් පවත්වනු ලබන, ඖෂධවේදීන් ලියාපදිංචි කිරීම සඳහා වන විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලැබේ. සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වනු ලබන මෙම පාඨමාලාවේ අරමුණ වන්නේ මැනැවින් සුදුසුකම් සපුරාලූ ඖෂධවේදීන් පිරිසක් බිහිකිරීම ය. ප්‍රජා ඔසුසල් පරිචයන්, ඖෂධවේදය, ප්‍රතිකාර, ඖෂධ අලෙවිසැල් කළමනාකරණය, නියාමන අවශ්‍යතා යනාදී විෂයපථයන් රාශියක් මෙම පාඨමාලාව මගින් ආවරණය කෙරේ.

“මෙම පාඨමාලාව සාර්ථක ලෙස අවසන් කළ දෙවැනි කණ්ඩායමට මෙලෙස සහතිකපත් ප්‍රදානය කිරීමට ලැබීමට මට මහත් සතුටක්. ඖෂධ ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට මෙන්ම මුළුමහත් සමාජයටම යහපතක් සැලසීමේ අරමුණින් මේ පාඨමාලාව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ජනතාවට උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවන් ලබාදීමට නම් නිසි සුදුසුකම් සපිරූ ඖෂධවේදීන් සිටීම අත්‍යවශ්‍යයි. උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවන් සැපයීම සම්බන්ධයෙන් හේමාස් ෆාමසූටිකල්ස් සමාගම කවදත් ඉදිරියෙන්ම සිටින අතර, ක්ෂේත්‍රයේ අනාගත පුරෝගාමීන් පුහුණු කිරීම අපගේ වගකීමක් බව අප විශ්වාස කරනවා.” හේමාස් ෆාමසූටිකල්ස් සහ හේමාස් සර්ජිකල් ඇන්ඩ් ඩයග්නෝස්ටික්ස් සමාගම් වල කළමනාකාර අධ්‍යක්ෂ ජූඩ් ප්‍රනාන්දු මහතා පැවසී ය.

“ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් බොහෝ දෙනෙකු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවන්ට පිවිසීමට කැමැත්තෙන් සිටිනවා. එමෙන්ම සෑම වසරකදීම විශාල පිරිසක් ඖෂධවේදී සුදුසුකම් ලබාගන්නවා. එහෙත් මේ සුදුසුකම් වලින් නිසි ප්‍රයෝජන ලැබීමට නම්, ඖෂධ පිළිබඳව මෙන්ම, පාරිභෝගික සේවාව ඇතුළුව තවත් බොහෝ දේ  පිළිබඳව නිසි දැනුමක් හා පුහුණුවක් තිබීම අත්‍යවශ්‍යයි. මේ ආකාරයට ශ්‍රී ලංකා ඖෂධ සංගමය සමග එක්ව, රටේ ඖෂධවේදී වෘත්තිය නංවාලීම සඳහා දායකත්වය ලබාදීම වෙනුවෙන් මා හේමාස් ෆාමසූටිකල්ස් සමාගමට ස්තූතිවන්ත වනවා.” ශ්‍රී ලංකා ඖෂධ සංගමයේ සභාපති තිසර ද සිල්වා මහතා පැවසී ය.

හේමාස් සමූහ ව්‍යාපාරයට අයත් හේමාස් ෆාමසූටිකල්ස් සමාගම මෙරට ඖෂධ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමකි. සිය විශිෂ්ට විකුණුම් හා බෙදාහැරීම් ක්‍රියාවලිය නිසා මේ වනවිට වෙළඳපොළෙන් 30% කට වැඩි ප්‍රතිශතයක් හිමිකර ගැනීමට එම සමාගම සමත් වී ඇත. තමන් සමග ගනුදෙනු කරන ඕනෑම පාර්ශ්වයකට ගැළපෙන විසඳුම් පිරිනැමීමේ හැකියාව හේමාස් ෆාමසූටිකල්ස් සමාගම සතු ය.

Related posts
පුවත්

MediHelp ගල්කිස්ස රෝහල කරමින් MediHelp hospitals සිය 17වන ශාඛාව සනිටුහන් කරයි

ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ…
Read more
පුවත්

OMED Pharmaceuticals වෙතින් mesoestetic® වැඩමුළුවක්: සුවිශේෂී වෛද්‍ය උපකරණයක්ද හඳුන්වාදෙයි

OMED Pharmaceuticals (පුද්.) සමාගම ශ්‍රී ලංකාවේ…
Read more
පුවත්

ලින්ක් නැචුරල් සිය ප්‍රමුඛතම සන්නාමය වන ලින්ක් සමහන්, ජපානයේ Costco වෙළඳසැල් ජාලය වෙත

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ශාකෞෂධීය…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *