පුවත්

ජෝර්ජ ස්ටුවර්ට හෙල්ත් “ස්ටුවර්ට සෙනෙහස” LRH හි ස්ටෝමා සායනය වැඩිදියුණු කරයි

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්ටෝමා සායන ව්‍යාප්තිය සහ ආමාශ ආන්ත්‍ර රෝග සායනයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය අද පැවැත්විණි.

මෙම ස්ටෝමා සත්කාර සායනය රෝහලේ ආමාශ ආන්ත්‍ර රෝග ඒකකයට අනුබද්ධ ක්‍රියාත්මක වන අතර  ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ළමා ස්ටෝමා සායනය සහ ළමා ආමාශ ආන්ත්‍ර රෝග ඒකකයද මෙය වේ. ප්‍රථමයෙන් 2019 වර්ෂයේ අගෝස්තු මාසයේදී ආරම්භ කරන ලද මෙම සායනයේ ළමා රෝගීන් 680කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටින අතර බාහිරින් පැමිණෙන 5000 කට අධික සංඛ්‍යාවක් සඳහා පහසුකම් සලසා තිබේ.

ආර් එල් චන්ද්‍රලේකා මහත්මිය (භාර හෙද නිලධාරිනී – ස්ටෝමා සත්කාර සායනය) විසින් හසුරුවන ලද සායනයේ රෝගීන්ගේ ධාරිතාවයට සරිලන පරිදි දැඩි ඉඩකඩ හිඟයක් පවතින බව නිරීක්ෂණය වී තිබුණි.

ඒ අනුව රෝගී සත්කාරකත්වය සහ සුවපහසුව වැඩිදියුණු කිරීමේ අරමුණින්, මහාචාර්ය ෂර්මන් රාජේන්ද්‍රනාත් මහතා (උපදේශක ළමා ආමාශ ආන්ත්‍ර වෛද්‍ය) පසුගිය වසරේ රෝහල් පරිශ්‍රය තුළ නව අංශයක් ගොඩනංවා ගැනීමට සහාය ඉල්ලා සිටියේය.

මාස 10 ක කාලයක් පුරාවට සිදු කළ මෙම සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ජෝර්ජ් ස්ටුවර්ට් හි “ස්ටුවර්ට් සෙනෙහස” විසින් අරමුදල් සපයන ලද අතර ශ්‍රම දායකත්වය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ලබා දෙන ලදී.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය, මහාචාර්ය ෂර්මන් රාජේන්ද්‍රනාත්, දිලිත් ජයවීර (සමූහ සභාපති – ජෝර්ජ් ස්ටුවර්ට් සහ සමාගම) සහ ඉරාන් රණසිංහ (කළමනාකාර අධ්‍යක්ෂ – ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත්) යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම නව ගොඩනැගිල්ල විවෘත කෙරිණ.

රිජ්වේ ආර්යා ළමා රෝහල ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 14 ට අඩු ළමුන් සඳහා නොමිලේ  පහසුකම් සපයන මෙරට විශාලතම ළමා රෝහල වන අතරම මෙය වරෙක දකුණු ආසියාවේ විශාලතම ළමා රෝහල වශයෙන් සැලකිණි.

ජෝර්ජ් ස්ටුවර්ට් සමූහයේ සාමාජිකයෙක් වන ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය සේවා සහ සුවතා විසඳුම් සපයන්නන් අතර සිටින ආයතනයකි. ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම ශ්‍රී ලංකාවේ පැරණිතම වෙළඳ ආයතනය සහ විවිධාංගීකරණය වූ ප්‍රමුඛ පෙළේ සමූහ ව්‍යාපාරයක් ලෙස පිළිගැනීමට ලක්ව ඇත.

Related posts
පුවත්

MediHelp ගල්කිස්ස රෝහල කරමින් MediHelp hospitals සිය 17වන ශාඛාව සනිටුහන් කරයි

ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ…
Read more
පුවත්

OMED Pharmaceuticals වෙතින් mesoestetic® වැඩමුළුවක්: සුවිශේෂී වෛද්‍ය උපකරණයක්ද හඳුන්වාදෙයි

OMED Pharmaceuticals (පුද්.) සමාගම ශ්‍රී ලංකාවේ…
Read more
පුවත්

ලින්ක් නැචුරල් සිය ප්‍රමුඛතම සන්නාමය වන ලින්ක් සමහන්, ජපානයේ Costco වෙළඳසැල් ජාලය වෙත

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ශාකෞෂධීය…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *