පුවත්

”ප්‍රතිශක්තිය වඩවා වෛරසයන්ගෙන් ආරක්‍ෂා කිරීමට කළුදුරු තෙල්වලට ප්‍රභල හැකියාවක් ඇත”

ආයුර්වේද වෛද්‍ය, මහාචාර්ය එම්. එච්. ඒ. තිසේරා මහතා පවසයි.

දිනෙන් දින ආසාදිතයන් වැඩි කරමින්, මරණ සංඛ්‍යාව ඉහළ යවමින් ජනතාව වෙත තෙවැනි වරටත් බලපෑම් කරන කොවිඩ් – 19 වෛරසය මෙවර වැඩිහිටියන්ට මෙන්ම තරුණ සහ මැදිවියේ පුද්ගලයන්ටද වැළදීමේ විශාල ප්‍රවණතාවක් ඇත. වෛරසයේ විවිධ ප්‍රභේදයන්ද වෛරස් ව්‍යාප්තිය තුළ දක්නට ලැබෙන අතර ශ්වසන පද්ධතියට කරන බලපෑමද වර්ධනය වී ඇත. මෙම වෛරසයන්ගෙන් ආරක්‍ෂා වීමට ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කර ගත යුතුය. කොවිඩ් – 19 වෛරසයට වැට බැඳීම සඳහා එන්නත්කරණ වැඩසටහන් ශ්‍රී ලංකාව තුළ දියත් කරමින් සිටින අතර දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය යටතේ ප්‍රතිශක්තිය වඩවන විවිධ ඔසු භාවිතයට අප නැඹුරු වී ඇත. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ යොදා ගන්නා ප්‍රතිශක්ති වඩවන ඔසුවක් ලෙස කළුදුරු තෙල් සඳහන් කළ හැකිය. වර්තමානයේද විද්‍යාත්මක පරීක්‍ෂණ විශාල සංඛ්‍යාවක් හරහා කළුදුරුවල ඇති ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමේ හැකියාව තහවුරු කර ඇත.
වසර 3000ක් තරම් පැරණි අතීතයකට හිමිකම් කියන කළුදුරු ප්‍රතිශක්තිකරණය වර්ධනය ඇතුළු වෙනත් ලෙඩ රෝග ගණනාවකට ආයුර්වේද සහ යුනානි ක්‍රමය තුළ භාවිතයට ගනී. ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන සෙම් රෝග, කැස්ස, ඇදුම වැනි රෝගවලින් ආරක්‍ෂා කර ඒවා පාලනය කිරීමට මෙම කළුදුරු තෙල්වලට විශාල හැකියාවක් ඇත. කළුදුරුවල අන්තර්ගත ප්‍රධාන සක්‍රිය සංඝටකය වන Thymoquinone ප්‍රතිශක්තිකරණ හැකියාව වැඩි කරන බව ලෝකයේ පිළිගත් විශ්වවිද්‍යාල රැසක් සිදු කළ පරීක්ෂණවලදී තහවුරු වී ඇත. මේ සංඝටකය රුධිරයේ ඇති සුදු රුධිරාණු ප්‍රමාණය හා එහි ප්‍රබලත්වය ඉහළ නංවන අතර ශරීරයට ඇතුළු වන බැක්ටීරියා සහ වෛරස් වැනි විෂබීජවලට එරෙහිව සටන් කරයි. කළුදුරු තෙල් තේ හැන්දක් හෝ තේ හැඳි භාගයක් පමණ මී පැණි ස්වල්පයක් සමග කලවම් කර උදෑසන කෑමට පසු දිනපතා පානය කළහොත් ඔබටත් සෞඛ්‍යවත් ජීවිතයකට උරුමකම් කියන්නට හැකිය.

Related posts
පුවත්

Medihelp රෝහල් සමූහය මෙරට පවතින වත්මන් අභියෝගාත්මක ආර්ථික පසුබිම මධ්‍යයේ වුවද ශක්තිමත් ලෙස සිය රෝහල් ජාලය ව්‍යාප්ත කරයි

ශී‍්‍ර ලාංකීය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ…
Read more
පුවත්

හේමාස් රෝහල් සමූහය සෞඛ්‍ය සේවාවේ සිය යුතුකම් ඉටුකරමින් සුවහසක් රෝගීන්ගේ බලාපොරොත්තු නංවයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රෝහල් සේවාවක්…
Read more
පුවත්

මනුදම් පෙර දැරි හේමාස් රෝහල් සමූහය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට මාහැඟි ආදර්ශයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රෝහල් සේවාවක්…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published.