සංවාද

සුදු වෙන එක නෙමෙයි ලස්සන කියන්නේ

ආයුර්වේද වෛද්‍ය සචිනි අත්තනායක

උපතින්ම හිමිවන රූප සම්පත්තිය නම් තමන්ගේ කුසල් අකුසල් මත හිමිවන දෙයක් ලෙස කෙටියෙන් හැඳින්විය හැකිය. එසේ හිමිවන රූපය තම කාර්ය බහුලත්වයත් සමඟ රැකගැනීම සහ පවත්වාගැනීම කියන්නෙ බහුතරයකට අපහසු කාරණාවක් වෙන්නට පුළුවන්. නමුත් රැකියාවේ කාර්ය බහුලත්වයත් සමඟ තම එදිනෙදා වැඩ කටයුතු ද මඟ නොහැර සිදුකරන ගමන් තම රූපය ගැන ද සැලකිලිමත් වන මැය ආයුර්වේද වෛද්‍ය සචිනි අත්තනායකයි. ඇය මෙවර සුවය කලාපය සමඟ සංවාදයට එක්වන්නේ තම වෘත්තීය ජීවිතය පිළිබඳව සහ ඇගේ ලස්සන වීමේ රහස් ද අප සමඟ බෙදාහදාගැනීමටයි.

වෛද්‍ය වෘත්තියෙන් තොරව ගෙවෙන ඔබගේ සාමාන්‍ය ජීවිතය පිළිබඳව තොරතුරු මුලින්ම කතා කළොත්
ජීවිතය නම් සාමාන්‍ය විදියට ගෙවෙනවා. මේ දවස්වල වයලින්වලින් විශාරද දෙවන විභාගයට සූදානම් වෙනවා. ඒ වගේම කැම්පේන්වලට සහභාගී වෙනවා. ස්කයි ක්‍රිකට් ක්ලබ් එකෙත් වැඩ කටයුතු කරගෙන යනවා. සස්නක සංසදයට සම්බන්ධ වෙලා සමාජ සේවා කටයුතුත් සිදු කරගෙන යනවා දැන් අවුරුදු දහයක විතර කාලයක ඉඳන්. මෑත කාලයක් වෙනකන්ම පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරිය සහ සිසු මැදිය ව්‍යාපෘතියේ ව්‍යාපෘති සම්බන්ධීකාරක විදියටත් මම වැඩ කළා. දැන් අලු‍ත් පරම්පරාවට ඒකෙ වගකීම් භාරදීලා එයාලට උදව් කරගෙන ඉන්නවා. ඊට අමතරව මේ දවස්වල ්‍යසචබදිසි ඉගෙන ගන්නවා.

නිරෝගී දිවියක් පවත්වාගෙනයාමට නම් තිබිය යුත්තේ මොනවා ද?
නිරෝගී ජීවිතයක් පවත්වාගන්නට නම් ආහාර සහ ව්‍යායාම කියන දෙක ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම මානසික සුවයත් අත්‍යවශ්‍යයි. පෝෂ්‍යදායී ලෙස ආහාර ලබාගන්නවා නම්, නිවැරදි ආකාරයට ජලය පානය කරනවා වගේම නිවැරදි ආකාරයෙන් ව්‍යායාම කරනවා නම් අපට නිරෝගී ජීවිතයක් පවත්වාගන්නට පුළුවන්. නමුත් ඒ සියල්ලම තිබිලත් මානසික සුවයක් නැතිනම් නිරෝගී දිවියක් පවත්වාගන්නට බැහැ. එම නිසා මානසිකත්වය ඉතාමත්ම හොදින් තියාගෙන සතුටින් ජීවත් වීම වැදගත් වෙනවා.

පාසල් කාලයේ දී අමතක නොවන සිදුවීම් තිබෙනවා ද?
දිස්ත්‍රික් ක්‍රීඩා තරගවල දී දවසක් මම උස පැනීමේ තරගවලට සහභාගී වුණා. ඒ පනින අවස්ථාවේ දී මට එක පාරටම හුස්ම ගන්න වගේම කතා කරගන්නත් බැරි වුණා. ඇත්තටම මම ගොඩක් බය වුණා ඒ වෙලේ. මොකද මට මුකුත් කරගන්න බැරි වෙයි කියලා. හැබැයි ඒ තරගෙන් තුන් වෙනි ස්ථානයත් මම ලබාගෙන තිබුණා.

ඇත්තටම ලස්සනයි කියන දෙයින් අර්ථකතනය කරන්නේ මොකක් ද?
ඇත්තටම දැන් කාලේ නම් අප ඒ ගැන වැරදි විදියට හිතන් ඉන්නේ. සුදු වෙන එක නෙමෙයි ලස්සන කියන්නේ. කෙස්, සම, නියපොතු, දත් ඒ හැම දෙයක්ම පිරිසිදුව වගේම නිරෝගීව පවත්වාගැනීමයි ලස්සන කියලා හඳුන්වන්න පුළුවන්.

කුඩා කාලයේ දී ඔබ පිළිබඳව ඔබගේ මව කියූ දේවල් ඔබට මතකද?
මම පොඩි කාලේ අම්මා කියපු දෙයක් තමයි ගෙදර හිටපු අහිංසකම ළමයා මම කියලා. නමුත් මට ආපු කරදර බාධකත් එක්ක දැන් කියන කතාවක් තමයි ගෙදර ඉන්න මුරණ්ඩුම ළමයා මම කියන එක. ටිකක් විතර සැරයි කියලත් කියනවා. හැබැයි එයා දන්නවා මගේ හිත හොඳයි කියලා. එයා හැම වෙලේම කියන කතාවක් තමයි ලෝකෙ අනිත් අයත් ඔයා වගේම හිත හොඳ කට්ටිය කියලා හිතන්න එපා. මොකද ඔයාට ප්‍රශ්න ඇතිවෙන්නේ ඒකෙන් කියන එක. තව කියන දෙයක් තමයි ඉතිං ඕනවට වඩා වියදම් කරනවා, ඒකෙනුත් ටිකක් පරිස්සම් වෙන්න කියලා.

වෛද්‍ය වෘත්තියෙන් බැහැරව, වර්තමාන තරුණ පරපුර සඳහා ඔබ ලබාදෙන උපදෙස් මොනවා ද?
ජීවිතේ අභියෝග, ප්‍රශ්නවලදි විශ්වාසවන්ත යාළුවෙක් ඉන්න එක වැදගත්. යම් යම් මානසික පීඩා දරාගන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා අපිට එහෙම කෙනෙක් ඉන්නවා නම්. අනිත් එක තමයි එහෙම අභියෝග එනකොට ඒවා තමන් විනාශ කරන්න එන දේවල් කියලා කවදාවත් හිතන්න එපා. තමන්ට දෙයක් නැති වෙන්නේ ඊට වඩා හොඳ දෙයක්’ලැබෙන්න තියෙනවා කියලා හිතන්න.
මානසික ගැටලු‍වක්, ප්‍රශ්නයක් ආපු හැම වෙලේම මම අනුගමනය කරපු දෙයක් තමයි නිතරම කාර්ය බහුල වෙන එක. එතකොට අපට ඒ දේවල් ගැන හිත හිත ඉන්න, දුක් වෙන්න කාලයක් නැහැ. ඒ වගේම තමයි තමන්ට ලැබෙන කිසිම අවස්ථාවක් මඟහැරගන්න එපා වගේම කම්මැලි වෙන්නත් එපා.

සම්පුර්ණ ලිපිය කියවීම සදහා – ලගම ඇති පුවපත්පත් අලෙවි නියෝජිතයාගෙන් හෝ සරසවි, ගුණසේන, විජිතයාපා පොත්හල් මගින් හෝ ෆාමසි මගින් මිලදී ගත හැක.

Related posts
පුවත්සංවාද

පැය 24පුරාවටම වෛද්‍ය උපදෙස් දෙන BIMA Doctorසේවාව

මෆාස් මසීන් – ප්‍රධාන මෙහෙයුම්…
Read more
පුවත්සංවාද

TVP-Lanka soy

Gynaecomastia යනු නව යොවුන් වියේ පිරිමි…
Read more
මානසික රෝගරෝගසංවාද

ප‍්‍රජනක පද්ධතියට සම්බන්ධ TVP හි පොදු මිථ්‍යාවන්

TVP යනු කුමක්ද? සෝයා යනු සෝයා බෝංචි…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *