Credence Genomics සමාගමේ කොවිඩ් රෝග විනිශ්චය මධ්‍යස්ථානයට පසුගියදා සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය හිමිවිය. ඒ අනුව ශ්‍රී ලංකාව ට පැමිණෙන සියලු සංචාරකයන්, රටින් පිටවන මගීන්, හෝටල් සඳහා පැමිණෙන්නන්, ගුවන් තොටුපල හා වරායන් හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සියලු කර්මාන්ත කලාපයන් හි කොවිඩ් රෝග විනිශ්චය සඳහා PCR පරීක්ෂණ සිදුකිරීමේ අවසරය එම සමාගමට හිමි වේ. පැය සතරක් ඇතුළත පරීක්ෂණ වාර්තා සපයන Credence Genomics සමාගමේ කොවිඩ් රෝග විනිශ්චය මධ්‍යස්ථානය ලොවෙහි අතිනූතන ස්වයංක්‍රීය RNA නිස්සාරකයන් සමඟ ඩෙන්මාර්කයේ සංවර්ධනය කළ RT-PCR රෝග විනිශ්චය ශ්‍රේණියෙහි පර්යේෂණ ක්‍රම භාවිතා කරන අතර එම ක්‍රමවේද ජාත්‍යන්තර ප්‍රමිති පාලනයට යටත්ව සිදුකරන්නකි. එයට අමතරව Credence Genomics සමාගමේ කොවිඩ් රෝග විනිශ්චය මධ්‍යස්ථානය සෙසු විශේෂත්වය වන්නේ පාසල් හා කාර්යාල පරිශ්‍රයන්හි කොවිඩ් -19 සඳහා පාරිසරික පරීක්ෂණයන් සිදුකිරීමය. එම සමාගම ‘අබාන්ස්’ සමඟ ඒකාබද්ධව කොවිඩ් වෛරසයෙන් තොර පරිසරයක් සහතිකකිරීම සඳහා ඒකාබද්ධ විෂබීජහරණ විසඳුම් සැපයීමක් ද සිදු කෙරේ.
Credence Genomics සමාගමේ කොවිඩ් රෝග විනිශ්චය මධ්‍යස්ථානයෙහි සභාපති ආචාර්ය සරත් පරණවිතාන මහතා පැවසුවේ ‘වර්තමානයේ කොවිඩ් සඳහා සම්මත පරීක්ෂණවලන් ඔබ්බට ගිය සර්වශුභවාදීව ගනුදෙනු කිරීමක් අවශ්‍යයි අප සමාගම විශ්වාස කරනවා. ලොවෙහි අතිනූතන පරීක්ෂණ ක්‍රමවේද කෙරෙහි අප සමාගම කටයුතු කරන්නේ ඒ නිසායි.’ යන්න ය.
සම්මානනීය විද්‍යාඥයන්, සායනික වෛද්‍යවරුන් හා ජීව තොරතුරු සපයන්නන් කණ්ඩායමක් සමඟ කටයුතු කරන Credence Genomics සමාගම ඉන්දියාව, මැදපෙරදිග රටවල්, අප්‍රිකාව හා ඈත පෙරදිග රටවල ජානමය පරීක්ෂණ හා PCR සේවා සපයන සමාගමකි.