පුවත්

රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන චූලා හෙට්ටිආරච්චි මහතා අභාවප්‍රාප්ත වෙයි

සොෆ්ට්ලොජික් ලයිෆ් හි විධායක අධ්‍යක්ෂ සහ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන චූලා හෙට්ටිආරච්චි මහතා මැයි 31 වන දින අභාවප්‍රාප්ත විය-
දශක දෙකකට වැඩි කාලයක් ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ කටයුතු කරමින් රක්ෂණ ක්ෂේත්‍රය තුළ සදා නොමැකෙන මතකයක් ඇති කිරීමට හෙට්ටිආරච්චි මහතාට හැකි විය- ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් මෙරට වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම බවට සොෆ්ට්ලොජික් ලයිෆ් පත් කිරීම සඳහා ඉතා මෑතකදී සොෆ්ට්ලොජික් ලයිෆ් හි විධායක අධ්‍යක්ෂවරයා ලෙස ඔහු සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළේය-
විධායක අධ්‍යක්ෂ ධුරයට පත්වීමට පෙර ඔහු සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා වූ අතර රක්ෂණ බෙදාහැරීම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ව්‍යාපාරයේ දියුණුව හා සංවර්ධනය උදෙසා සුවිශාල දායකත්වයක් දක්වන ලද ප්‍රධාන නිලධාරියා ද ඔහු විය- උපාලි සමූහය සමඟ සිය වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමෙන් පසු එම සමාගම තුළ ඔහු ජ්‍යෙෂ්ඨ තනතුරු රැසක් හෙබවීය- වසර 36ක් පුරා වෘත්තීයමය අත්දැකීම්වලින් සුදුසුකම්ලත් ඔහුගේ වෘත්තීය දිවියෙන් වසර 27ක කාලයක් ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ කටයුතු කළේය-
“සොෆ්ට්ලොජික් සමාගමේ ශක්තිමත් පුරුකක් වූත් නායකත්වය, දැක්ම සහ මනුෂ්‍යත්වය අතර අද්විතීය පුද්ගලයෙකු වූත් හෙට්ටිආරාච්චි මහතාගේ අභාවය පිළිබඳව අප අතිශයින් සංවේගයට පත් වී සිටින්නෙමු. ඔහුගේ පවුලේ අයට සුවය සඟරාවේ සාතිශය සංවේගය පළ කර සිටිමු-”

Related posts
පුවත්රෝග

වර්තන ශල්‍යකර්ම (Lasik iy Lasek) සමඟින් නැවතත් ඔබට පූර්ණ පෙනීමක්

දෘෂ්ඨි අපහසුතා වලින් පෙලූන ද බොහෝ…
Read more
පුවත්සංවාද

TVP-Lanka soy

Gynaecomastia යනු නව යොවුන් වියේ පිරිමි…
Read more
පුවත්මානසික රෝග

ඔබ තුල සිටින දරුවා (Inner Child) අවදි කරන ලෙස ලෝක ළමා දිනයේ දී සොෆ්ට්ලොජික් ලයිෆ් දෙමව්පියන්ට ඇරයුම් කරයි

2021 වසරේ ලෝක ළමා දිනය සැමරීම වෙනුවෙන්…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published.