පුවත්සංවාද

පැය 24පුරාවටම වෛද්‍ය උපදෙස් දෙන BIMA Doctorසේවාව

මෆාස් මසීන් – ප්‍රධාන මෙහෙයුම් නිළධාරී – BIMA LANKA

ඉතා කෙටියෙන් පැහැදිළි කළොත් BIMA Doctor Telemedicine සේවාව කියන්නේ කුමක් ද?
එක් දුරකතන ඇමතුමකින් ගුණාත්මක, කාර්යක්ෂම මෙන්ම පෞද්ගලිකභාවය සුරැකි වෛද්‍ය සේවාවක් ලබාගත හැකි නම් එය කොතරම් පහසුයි ද? විශේෂයෙන්ම වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික තත්ත්වය සහ වසංගත තත්ත්වයට එය කදිම පිළියමක්. BIMA Doctorවෛද්‍ය සේවාව අවුරුද්දේ දින 365ම, සතියේ දින 07 තුළම, පැය 24 කාලය පුරාවටම ඕනෑම කෙනෙකුට දුරකථනයෙන් වෛද්‍ය උපදෙස් ලබාගත හැකි සේවාවකි. දැනට මෙම සේවාව සඳහා සේවාලාභීන් 50,000කට ආසන්න ප්‍රමාණයක් ඇතුළත් වී සිටිනවා.

තව දුරටත් විස්තර කළොත් BIMA Doctor Telemedicine සේවාව මගින් සිදු වන්නේ කුමක් ද?
Telemedicine කියලා කියන්නේ දුරකතන මාර්ගයෙන් වෛද්‍ය සේවාව ලබාගැනීම. මුලින්ම 1960 ගණන්වල බටහිර රටවල මේක හඳුන්වලා දුන්නා. ලංකාවට මේ සේවාව හඳුන්වලා දෙන්න සෑහෙන කාලයක් ගත වුණා. කොවිඩ් වසංගතයත් එක්ක, සමාජ දුරස්ථතාවයට මුළු සමාජයම යොමු වුණා. ඉස්සර වගේ වෛද්‍යවරයකු ළඟට යන්නවත්, රෝහලකට යන්නවත් බැරි තත්ත්වයක් ඇති වුණා. කොවිඩ් හැදුණ කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝ වෙයි කියන දේ සමාජයම පිළිගෙන කටයුතු කරන්න පුරුදු වුණා. ඒ හේතුව නිසා මේ සෞඛ්‍ය සේවාව ප්‍රචලිත වුණා. මෙම සේවාව ඔස්සේ ලංකාවේ ඔිනෑම ප්‍රදේශයක, ඕනෑම තැනක ඉන්න කෙනෙකුට පැය 24 තුළ ඔිනෑම වේලාවක වෛද්‍යවරයකුට කතා කරලා තමන්ට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාගන්න පුළුවන්.

ඉතාමත් ලෙහෙසි පහසු සේවාවක් කියලා පිටින් පෙනුනට මේ සේවාව පිටුපස විශාල කාර්යමණ්ඩලයක් ඉන්නවා. ඒ ගැන මතක් කළොත්?
මේක සරල දෙයක් කියලා පෙනුනට හිතන තරම් සරල නෑ. මේ සේවාව පිටුපස විශාල කැපවීමක්, විශ්වසනීයබවක්, වාගේම ගුණාත්මකබවක් තියනවා. මේ සේවාවේ වෛද්‍ය නිලධාරී මණ්ඩලය සහ හෙද නිලධාරී මණ්ඩලය ප්‍රධාන මෙහෙයුම් කණ්ඩායම් දෙකක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. අපේ වෛද්‍ය නිලධාරී කණ්ඩායම මඟින් මේ සේවාව සමඟ රැඳී සිටින පාරිභෝගිකයන්ට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාදෙනවා. ඒ වාගේම අදාළ පුද්ගලයන්ගේ රෝගයට අදාළ බෙහෙත් තුණ්ඩුව (prescription) SMS මාර්ගයෙන් ඒ ඒ පුද්ගලයාට ඉතා සුපරික්ෂාකාරීව ලබාදෙනවා.

අපේ හෙද නිලධාරීන් මඟින් බෙහෙත් ලබාදීමක් සිද්ධ වෙන්නේ නැහැ. අපේ හෙද නිලධාරීන්, අදාළ පුද්ලයන්ට තිබෙන රෝගය වළක්වාගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීම, නිතර කතා කර අදාළ රෝගයේ තත්ත්වය පිළිබඳ විමසීම මෙන්ම රෝගියාගේ බර මට්ටම, මානසික ආතතියේ ස්වභාවය ඇතුලු‍ සාධක පිළිබඳව සොයාබලා අදාළ උපදෙස් ලබාදීම සිදු කරනවා.

මෙහි සිටින වෛද්‍ය කාර්යමණ්ඩලය ගුණාත්මක සහ සුහද පාරිභෝගික සේවාවක් පාරිභෝගිකයන්ට පිරිනැමීමට කැප වී සිටිනවා නේද?
ඔව්. අනිවාර්යයෙන්ම. අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතියලත්, වෛද්‍ය ක්‍ෂේත්‍රයේ අත්දැකීම් බහුල වෛද්‍ය කාර්ය මණ්ඩලයක්.  අපත් එක්ක වැඩ කරන්න ඉස්සෙල්ලා අප අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට පුහුණුවක් ලබාදෙනවා. ඒ පුහුණුවේදී වෛද්‍යවරුන්ට මහජනතාවට දුරකතන මාර්ගයෙන් කතා කරන ආකාරය කියලා දෙනවා. නිකම්ම මහජනතාවට කතා කරන එක නෙමෙයි මෙතන සිද්ධ වෙන්නේ. රෝගියකුට කතා කරන විදිහ, නියමාකාරයෙන් අප අපේ කාර්ය මණ්ඩලයට කියා දීලා අවශ්‍ය පුහුණුව ලබාදෙනවා.

රෝගීන්ගේ තොරතුරු සහ වාර්තාවල රහස්‍යභාවය පිළිබඳව 100%ක විශ්වසනීයබව මේ සේවාව තුළ කැපී පෙනෙනවා. ඒ ගැන මතක් ක‌ළොත්?
අපත් සමඟ සම්බන්ධ වෙන රෝගීන්ට තිබෙන්නේ විවිධ රෝග. වෛද්‍යවරයකු ළඟට ගිහින් බෙහෙත් ගන්නවා වාගේම දුරකතනය මාර්ගයෙන් බෙහෙත් ලබාගත්තත් මේ සේවාවේ ඒ රෝගියාගේ විස්තර, පෞද්ගලිකභාවය, රහස්‍යභාවය සුරැකිව තිබෙනවා. ඒ ගැන කිසිම පුද්ගලයකු බිය වෙන්න ඕන නෑ. අපේ මේ සේවාවට සම්බන්ධ වන පාරිභෝගිකයන්ගේ දත්ත වාර්තා, සෞඛ්‍ය තොරතුරු රහසිගතව අපේ System ඒකේ තියනවා. නවීන තාක්ෂණය යොදාගෙන ඒ දේවල් හැම දෙයක්ම සිදු කරනවා.

මේ සේවාව තූළ වෛද්‍යවරුන් රෝගීන්ට කතා කර FOLLOW UP (පසුවිපරම් කිරීම) කැපී පෙනෙන විශේෂ කාර්යයක්. ඒ ගැන මොනවද කියන්න තියෙන්නේ?
පාරිභෝගිකයකු, අපේ වෛද්‍යවරයකුට කතා කරන සේවාව ලබාගත්ත දවසට, දවස් 03කට පස්සේ, කලින් සේවය ලබාදුන්න අදාළ වෛද්‍යවරයා, රෝගියාගෙන් වර්තමානයේ රෝගයේ ස්වභාවය කුමක් ද? කලින් ගත් ඹෟෂධවලට සුවයක් තිබෙනවා ද? ඒ ඖෂධ වෙනස් කරන්න ඕන ද යනාදී කරුණු ගැන විමසනවා. එවැනි දෙයක් තවමත් ශ්‍රී ලංකාවේ මෙවැනි වෛද්‍ය සේවාවල සිදු වෙන්නේ නෑ. එවැනි සුවිශේෂී පසුවිපරමක් සිදු කරන්නේ අපේ සේවාවෙන් විතරයි. ඒක අපේ මේ වෛද්‍ය සේවාවේ කැපී පෙනෙන දෙයක්.

අවසන් වශයෙන් මෙම සේවාවට කෙනෙකුට සම්බන්ධ වියහැක්කේ කෙසේ ද?
ඉතාම පහසුයි, 1343 අමතලා එවෙලේම රෙජිස්ටර් වෙන්න පුළුවන්. මාසිකව රුපියල් 150ක් වැනි සුළු මුදලකින්, ලංකාවේ ඕනෑම ස්ථානයක සිට ජංගම දුරකතනය හරහා, පුද්ගලයකුට හෝ පවුලේ සැමටම BIMA Doctor සේවාව මඟින් විශ්වසනීයව වෛද්‍ය උපදෙස් ලබාගැනීමට පුළුවන. 1343 අංකය අමතා මෙම සේවාව සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබාගැනීමට පුළුවන.

සටහන – මදාරා මුදලිගේ

Related posts
පුවත්

MediHelp ගල්කිස්ස රෝහල කරමින් MediHelp hospitals සිය 17වන ශාඛාව සනිටුහන් කරයි

ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ…
Read more
පුවත්

OMED Pharmaceuticals වෙතින් mesoestetic® වැඩමුළුවක්: සුවිශේෂී වෛද්‍ය උපකරණයක්ද හඳුන්වාදෙයි

OMED Pharmaceuticals (පුද්.) සමාගම ශ්‍රී ලංකාවේ…
Read more
පුවත්

ලින්ක් නැචුරල් සිය ප්‍රමුඛතම සන්නාමය වන ලින්ක් සමහන්, ජපානයේ Costco වෙළඳසැල් ජාලය වෙත

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ශාකෞෂධීය…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *