පුවත්වසංගත රෝගසංවාද

මානසික නිරෝගී බව ඉහළ නැංවීම හා ශක්තිමත්ව පවතිවාගෙන යාමට ප්‍රෝටීන සතු බලය

මනුෂ්‍ය සංහතියේ අභිවෘද්ධිය හා නිරෝගිකම තීරණය කරන මුරගල පෝෂණයයි. අපගේ ආහාරයේ අඩංගු විය යුතු සෑම පෝෂණ සංඝටකයක්ම මෙහිදී වැදගත් වන අතර ප්‍රෝටීන විශේෂ ස්ථානයක් ගනියි. ප්‍රෝටීන අපගේ දේහයේ මූලික සංඝටකයක් වන අතර එහි මූලික සංඝටකය ඇමැයිනෝ අම්ලයයිි.

මානසික සෞඛ්‍ය ගැන කතා කිරීමේදී මොළය මූලික කරගෙන ඇති ස්නායු සෛල ඉතා වැදගත් වන අතර මේවායේ ව්‍යුහය සහ ක‍්‍රියාකාරිත්වයට මෙම ඇමැයිනෝ අම්ල විශේෂ ක්රතව්‍යයක් කරති.

යම් හෙයකින් අපගේ දේහයට මෙම ඇමැයිනෝ අම්ල නිසි ආකාරයට නොලැබේ නම් එහි ප‍්‍රතිඵලයක් වනුයේ මන්දගාමී පුද්ගලයෙක් විය හැකිය. එබැවින් ඔහුගේ මානසික සහ කායික ක‍්‍රියාකාරිත්වය ඉතා අඩු මට්ටමක පැවතිය හැකිය. ග්රභනී මවකට මෙය ඉතා වැදගත් වනුයේ වැඩෙන දරු ගැබට මෙන්ම මුල් ලදරු කාලයට මෙය තදින්ම බලපාන බැවිනි.

දකුණු ආසියාතික රටවල් අතරින් ශ‍්‍රී ලංකාවේ ලදරු හා මාතෘ සෞඛ්‍යය ඉතාමත් හොඳ තත්වයක පවතින නමුත් යම් ප‍්‍රජා සෞඛ්‍ය ඒකකවල මාතෘ සහ ළදරු මන්ද පෝෂණය බහුල විය හැකිය. ඒත් සමගම අධික දේහ බර හෙවත් ස්ථුලභාවයද නැත්තේ නොවේ.

ප්‍රෝටීන යනු කුමක්ද ?

ප්‍රෝටීන යනු සංකී්රණ ව්‍යුහයක් සහිත පෝෂණ සංඝටකයකි. අපගේ දේහයේ ඇති සමහර ප්‍රෝටීන දේහයේ ව්‍යුහයේ සංඝටක වන අතර ඉන් සමහරක් එන්සයිම සහ විවිධ සමායෝජන කි‍්‍රයා කෙරෙහි උදව් වෙයි. මෙහිදී ස්නායු සම්පේ‍්‍රෂක ඉතා වැදගත්ය.   

මෙම ස්නායු  සම්පේ‍්‍රෂක මොළයේ ඇති ස්නායු ෙසෙල දේහයේ අනෙකුත් කොටස් සමග සමායෝජනය කිරීමට ඉවහල් වේ. අද අප සමාජයේ දකින විශාදය, Alzheimer, Parkinson’s වැනි රෝග වලට හේතුව මෙම සමායෝජනයේ ඇති දු්රවලතාවයන්ය. මක්නිසාද යත්, මේවා ස්නායු පද්ධතියේ කි‍්‍රයාකාරී බලවේගය බැවිනි. මෙම තත්ව පවත්වා ගැනීම මානසික සෞඛ්‍යයේදී ඉතාමත් වැදගත්ය.

තවද මෑතකදී සොයාගත් කරුණු අතර Tryptophan වැනි ඇමයිනෝ අම්ල ප‍්‍රමාණය අඩු වීමේදී සුවබර නින්ද, කී‍්‍රඩා කෞෂල්‍ය , මනා මානසික තත්වය වැනි අංශ වල දු්රවලතා දැකිය හැකිය.

ප්‍රෝටීනය ආහාරයක් ලෙස ගැනීමෙන් අනතුරුව ආහාර ජීරණ පද්ධතියේදී ඇමැයිනෝ අම්ල බවට පත්කරයි. අපගේ දේහය, ඇමයිනෝ අම්ල 20 ක් සමග කටයුතු කරයි. මෙම ඇමයිනෝ අම්ල අත්‍යවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන ලෙස ව්රගීකරණය කරනු ලබන අතර මෙහි පදනම අප දේහයට මෙය සංස්ලේෂණය කල හැකිද නොහැකිද යන කරුණුයි.

දිනකට අවශ්‍ය ප්‍රෝටීන ලබා ගැනීම ජාත්‍යන්තර ආහාර නි්රදේශයට අනුව දිනකට 0.8 g/kg body weight ලෙස ඉතාමත් ගුණාත්මක ප්‍රෝටීන මගින් ලබා ගත යුතුය.

අපට ලැබෙන ඇමයිනෝ අම්ල එසේ නැතිනම් ප්‍රෝටීන මූලික වශයෙන් දෙආකාරයකට ලබාගත හැකිය. මෙහිදී සත්වයන්ගෙන් ලබාගන්නා ප්‍රෝටීන අතර බිත්තර, කිරි සහ මාලු ව්රග ප‍්‍රධාන තැනක් ගනී. ඉහත සදහන් ආහාර ව්රග වල ඇමයිනෝ අම්ල සංයුතිය නියම ආකාරයට ඇත. නමුත් ඊට නොදෙවෙනි ලෙස රනිල කුලයට අයත් ආහාර වන පරිප්පු, මුං ඇට, මුරුංගා, සෝයා, කඩල මෙහිදී අපට අමතක කල නොහැක. සෝයා වල 35-55 grm ප්‍රෝටීන ඇති අතර එහි ඇති පෝෂණ ගුණය සැසඳීමේදී මිල සාධාරණය එනම් මිල අධික නැත.

TVP යනු ශාකමය ප්‍රෝටීනයක් වන අතර ඉතාමත් අනර්ඝ ප්‍රෝටීන සහිත මේදය අඩු මස්, මාලූ වලට හොද ආදේශකයකි. මෙහිදී වැදගත් වනුයේ එහි ප්‍රෝටීනවලට අමතරව තන්තු, යකඩ, මැග්නීසියම්, පොස්පරස් ද මෙහි බහුල වේ.

ඔබගේ මානසික සෞඛ්‍ය ගැන කතා කිරීමේදී ප්‍රෝටීන ගැන අවධානය ඉතා වැදගත්ය. ඔබගේ මානසික සහ භෞතික කි‍්‍රයාකාරිත්වය එකිනෙකට බැඳී පවතින බැවින් මෙම අංශ දෙකටම අවශ්‍ය ප්‍රෝටීන ශරීරයට ලබා ගැනීම වැදගත් සාධකයකි. අපගේ එදිනෙදා ආහාර වේල සඳහා අපට පහසුවෙන් ලබාගත හැකි, ඉතා අනර්ඝ, මිලෙන් අඩු ප්‍රෝටීන කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය.

Related posts
පුවත්රෝග

වර්තන ශල්‍යකර්ම (Lasik iy Lasek) සමඟින් නැවතත් ඔබට පූර්ණ පෙනීමක්

දෘෂ්ඨි අපහසුතා වලින් පෙලූන ද බොහෝ…
Read more
පුවත්සංවාද

TVP-Lanka soy

Gynaecomastia යනු නව යොවුන් වියේ පිරිමි…
Read more
මානසික රෝගරෝගසංවාද

ප‍්‍රජනක පද්ධතියට සම්බන්ධ TVP හි පොදු මිථ්‍යාවන්

TVP යනු කුමක්ද? සෝයා යනු සෝයා බෝංචි…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published.