පුවත්

නව SPC ඔසුසලක් පිටකෝට්ටේ නගරයට..

“රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ” (SPC) 50 වන සංවත්සරය සහ  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිර්මාතෘ මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ 44 වැනි ගුණානුස්මරණය සනිටුහන් කරමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) 48 වන ශාඛාව විවෘත කිරීම, පිටකෝට්ටේ නගරයේදී පසුගියදා ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන ගරු රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ආරාධනයෙන්, මහාචාර්ය සේනක බිබිලේ මහතා සමඟ සමීපව දේශපාලන කටයුතු වල නියැළුණු දේශපාලඥයකු වන ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානයක්කාර  අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් සිදු විය.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසූයේ, රජයේ ජනතාවාදී ගමන්මග ඉදිරියට ගෙනයමින් රටපුරා රාජ්‍ය ඔසුසල් ආරම්භ කිරීමට කටයුතු කරන බවය. පසුගිය යහපාලන සමයේ සිදුවූ අසාමාන්‍ය ඖෂධ මාෆියාවට තිත තබමින්, පසුගිය වසර තුළ පමණක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව රු. බි. 3.5ක ලාභයක් ලබාගත් බවද සඳහන් කරන ලදී.

අතිගරු ජනාධිපති තුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති මාලාවට අනුව යමින් රට පුරා තත්ත්වයෙන් උසස් ඖෂධ සාධාරණ මිලකට ලබා දෙමින් ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීම පෙරදැරි කරගත් මහාචාර්ය සේනක බිබිලේ මැතිඳුන් ප්‍රාර්ථනා කළ අභිලාෂය මුදුන්පත් කිරීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කැපවී කටයුතු කරන බවද තවදුරටත් සඳහන් කරන ලදී.

මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේණ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.

Related posts
පුවත්

Medihelp රෝහල් සමූහය මෙරට පවතින වත්මන් අභියෝගාත්මක ආර්ථික පසුබිම මධ්‍යයේ වුවද ශක්තිමත් ලෙස සිය රෝහල් ජාලය ව්‍යාප්ත කරයි

ශී‍්‍ර ලාංකීය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ…
Read more
පුවත්

හේමාස් රෝහල් සමූහය සෞඛ්‍ය සේවාවේ සිය යුතුකම් ඉටුකරමින් සුවහසක් රෝගීන්ගේ බලාපොරොත්තු නංවයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රෝහල් සේවාවක්…
Read more
පුවත්

මනුදම් පෙර දැරි හේමාස් රෝහල් සමූහය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට මාහැඟි ආදර්ශයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රෝහල් සේවාවක්…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published.